Thursday 5 April 2012

අනීකාට











අනීකා....
පේර ගහ පීදීල,
උදේ ඉද හවස්වන තුරාවට
ලේන පවුලක් දෙකක්
එකෙන්ම යැපෙනවා
හවස බත් කන්න එන
ගිරා රංචුවෙ ඉන්න
කොළපාට චන්ඩි ටික
පේර ගෙඩි වලට වග කියනවා
කොබෙයි යුවලත් තාම ඉන්නවා
කොණ්ඩයොත් එක්ක ගී ගයනවා
ඉද හිටක ගෙදර එන ” පාට්ටු” ට
මාසෙකට හරියන්න
ඔන්න වැඩ තියෙනවා
අම්මගේ ගෙමිදුලේ
තට්ට තණකොළ පදුරු
අගල් හතරක් පහක් වැවෙනවා
”මන්මි” තනියෙන් කතා කරනවා
අනීකා............
මාස හත අටක්වූ පුංචි හුරතල් මූණ
තවත් ලස්සන වෙලා මූණුපොතෙ දකිනවා...
අම්ම කැන්දන් ආව පුංචි මල්ලිය ගාව
ඔයා ආඩම්බරෙන් ඉන්නවා.....
ස්කයිප් එකෙන් හඩ ඇහෙනවා...
දෙමළ, සිංහල, ඉංගී‍්‍රසි වාගේම ජර්මන් ද
සිගිති මුවගින් ගැයෙනු ඇහෙනවා.....
අනීකා...
කවදාක හරි දාක උපන්බිම මතකයට
මෙකව තිළිණයක් කොට
නුඹේ පරපුර නමට ලියනවා

සංජීවිකා මනෝහාරී