ටිකක් රෑ වෙනකල් ඔෆිස් එකේ වැඩ කරල ගෙදර යන්න කොටුවෙන් බස් එකට නැග්ග. ඒ වෙත්දිත් සෑහෙන පිරිසක් බස් එකේ හිටිය. ඒ අතර දරුවො දෙන්නෙකුයි අම්ම කෙනෙකුයි හිටිය. දුවට අවුරුදු 18 ක් ඇති. පුතාට අවුරුදු 10 ක් විතර. අනේ ඒ වුනත් ඒ ගෑනු මනුස්සය ගේ අතේ තිබුණු රත්තරං වළලූ දෙකේ දීප්තියෙන් වැලමිට දක්වා පැතිරුණු පිළිස්සුමි කැළල් වැහුනෙ නෑ.
මුළු බස් එකේම ඇස් අර තරුණ ගෑනු ළමය දිහාවටයි යොමු වෙලා තිබුනෙ. පැහැපත්බව, රූමත්බව ගෑණු ළමයෙකුට ආභරණයක් තමයි. සමාන්‍යයෙන් දකින කෙනෙක් දෙවරක් හැරිල බලන සුන්දර කමක් උපතින් ඈට ලැබිල තිබුණ. නමුත් ඇගේ සුන්දරකමට ලැබුණු ප‍්‍රතිචාර ඇය දරා ගත්තෙ දෙකලවා අතර මුහුණු සඟවා ගනිමින්. ඒ එක්කම අර අසරණ අම්මත් පුංචි පුතාත් ඒ හැමෝගෙම ඇස් කොන් බැලූම් විද දරා ගත්ත. බස්රථය ඔවුන්ගේ ගමනාන්තයට ආවම ඇය බසයෙන් බැස ගත්තෙ නයි හුබහක් ළගින් පැනල දුවන හා පැටියෙක් වගේ.
ඔබ මොකද හිතන්නෙ අර අසරන අමිමයි දරු දෙන්නයි ගැන. රට රස්සාවකට ගිය ඇය දියනියකුත් ඒක්කම ඇවිත්, ඉතින් ඒක ඇගේ වරදක්ද? ජයට මගුලක් කාල විදේශිකයෙක් බැන්දහම ඒ ලැබෙන දරුවො සුජාතයි. ඒත් එහෙම නොවෙන අය. තරුණියකගේ හෝ තරුණයකු ගේ අතගත්න අයගේ දරුවනට විදේශීය ඌරුවක් ලැබීම ගරුකටයුතු වීමටත් අනෙකාට එසේ නොසැලකීමටත් ඇති සීමාව කුමක්ද?
තමන්ගෙ කුසට අවසරයකින් හෝ අනවසරයකින් පැමිණි ශූක්රාණුවක් යුක්තාවක් හා එක්විම වැලැක්වීමට අපොහොසත්වීම නිසා භ‍්‍රෑනයකුට ගර්භාෂයක් සැපයීම නිසා, රෝහලක තම බිළිදිය අතරමං නොකර හදාවඩා ගැනීම නිසා, මේ අයෝමය ගැහැණිය ගේ කුසින් උපන් දියණිය කිසියම් දිනක තමා මෙලොවට බිහිකලේ කුමක් නිසාදැයි විමසුවහොත් ඇය දෙනු ලබන පිළිතුර කුමක්විය හැකිද?
ඔබට දැනුනාද කිසිවක්, මේ සමාජයේ අපි තාමත් ගල් යුගයටත් එහායින් ඉන්නෙ කියල. රෙදි ඇන්දට අපි ඉන්නෙ නිරුවතින්. අර තරුණ සොයුරිය තනිව සිටියානම් ඇය තවත් එක් විදේශීය තරුණියක් පමණක් විය හැකියි. මේ කියන මොහොත තුළත් ඇයත්, එවැනිම තවත් සොයුරු සොහොයුරියනුත් සමාජයේ නිරුවත් දෙනෙත්තූළින් නිකුත්වන වෙඩි උණ්ඩ වර්ෂාවන්ට ගොදුරු වෙමින් සිටිනවා. හිතන්න ඔබේ දෙනෙතිනුන් ඔවුන්ට වෙඩි උණ්ඩ එල්ලවනවාද?
No comments:
Post a Comment