Sunday, 1 March 2009

මව් සෙනෙහසේ කඳුළු

නෙතඟ කඳුළක් දරා කිරිකැටියකු තුරුළු කරගත් මවක බසයට නැගීනි. තෙමසකට පෙර බසයකට යටව මියගිය අනියම් කම්කරුවකුගේ බිරිදක වූ ඇය සිය දරුවන්ගේ කුසගින්නට කිරිකැටියාත් කරපින්නාගෙන අනුනට දෝත පෑවාය.දෝරේ ගැලූ මව් සෙනෙහසේ කඳුළු නැවත නැවතද අත්දුටුමි.


මුතු අහුරු ලෙසට
වැහි බිදිති රැගෙන
මුදු පියා සලන සකුණී
ගිරි මුදුන කොනක
හොර රහසෙ තැනූ
කැදැල්ල කෝ ලිහිණී

පොඩි තුඩින් රැගෙන
නෙක සියුම් කැටිති
බොහෝ දුරක් ගෙනෙනා ලිහිණී
නුඹ කඳුළු සලා
ගිරි මුදුනෙ තැනූ
කැදැල්ලනැත මෙහි සුරැකී//

සමුගන්න ඉතින් මෙහි නොයිද තවත්
දරුවන්ද සමග ඉගිලී
වැහි කඳුළ දරා මෙහි එන්න එපා
වැහි කඳුළු ගෙනා වැහි ලිහිණී//

අහන්න:http://www.archive.org/details/LihiniGeetha

ආදරණිය හුදකලාව + කල්පිටියේ දිවි ගෙවෙන යාපන මුස්ලිම් වැසියෝ

http://www.yastream.net/upload/audioPlayer.php?id=392&page=2&language=1&cur=audioPlayer.php&key=Kalpitiya,Sri%20Lanka,Jaffna%20Muslims,Short%20Story,Tharanga%20Jayasena&catid=5, අහන්න,
˜ ආදරණිය හුදකලාව, හාදුවක් නැතිව ගෙවෙන 137 දිනයටත් රෑ වුණා
මම ජනෙල් දොරවල් සේරම වැහුව, වහලේ හිල්තුළින් ඇවිත් මකුළු දැල්වල පැටලෙමින් සද එළිය මගේ හුදකලාව නැති කරන්න දුබල උත්සාහයක් යෙදෙමින් හිටිය˜
උපුටා ගත්තේ - හද ඉවුර අන්තර්ජාල කොළම - තරංග ‍ ජයසේන.

Thursday, 19 February 2009

ලෝකය එක යායක්

මොකක්ද මේ ආදරය කියන්නේ මම හිතන්නේ ඒකට නිර්වචන දෙන්න බෑ. ඔබ හැමදෙනාටම ඒ ගැන විවිධ නිර්වචන තියෙන්න පුළුවන්. ඔව් ලෝකය පැවතෙන්නේ ආදරය නිසා. ඒත් ඒක ඇතුවත් බැරි, නැතිවත් බැරි තවත් එක දෙයක් විතරයි. වෙලාවකට මට හිතෙනවා ආදරය කියන්නේ විඳවීමක් කියලා. මොකද ආදරය විදිනව වෙනුවට විඳවන අය වැඩියි. ඒක ලබා ගන්න විදියයි, බෙදාගන්න විදියයි හරිම වෙනස්. ඒ කියන්නේ අපි ආදරය කරන විදියයි ආදරය බලාපොරොත්තු වෙන විදියයි වගේම ඒ ආදරය ලබා ගත්තට පස්සේ ඒක රැක ගැනීමයි ආදරය දරා ගැනීමයි පරස්පර විරෝධි වෙනවා.

මගේ අත්දැකීම් කියනව නම් පුංචි කාලයේ ගෙදර වැලි මිදුලට වෙලා තාත්තා ගෙදර එනකම් බලන්හිටි කාලේ හරිම සුන්දරයි. ඒ කාලේ මට ආදරය ගැන ලෝභකමක් තිබුණා. මොකද අම්මගේ ආදරය අවධානය යොමු වෙන්නේ අයියටයි මටයි දෙන්නටම වැඩිය මල්ලිට. ඉතින් එතකොට පුංචි දරුව කාලේම ආදරය වෙනුවෙන් ලෝබකමක් අයිතිකර ගැනීමේ උවමනාවක් මට තිබුණා. නමුත් ඒ හැගීම අද මගෙන් ඇත්වෙලා. දැන් මම ලෝකෙටම ආදරය කරනව. ලෝකය ඒ ආදරය මොන විදියට ලෝකය දැක්කත්. මං හිතන්නේ ඒක අපි හැමෝටම පොදු දෙයක්. දැන් මට හිතෙන්නෙ ආදරය කියන්නේ නිර්වචනයක් දෙන්න බැරි දෙයක්.

ඉස්සර දවස්වල එකට දැවටිලා එකට ජීවත්වෙලා බෙදාගත්ත ආදරය වෙනස් වුණාම එහෙම නැත්නම් තවත් කෙනෙකුට බෙදාගන්න වුණාම එතන තව දුරටත් ආදරයක් ඉතිරි වෙනවද? අර ගීතයක තියෙනවා පේ‍්‍රමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගහකට තරම් කියලා. ඒත් ජීවිතය කියන්නේ ආදරය සහ වෛරය අතර දෝලනය වෙන දෙයක්ද? දැනෙන්නේ නෑ මට කොහොමද ලෝකයටම ආදරය කරන්නේ කියලා. මොකද අපි ලෝකයටම ආදරය කරද්දි ලෝකය අපේ ආදරය දකිනහැටි, ඒක විදින හැටි හරිම වෙනස්. ඒ වෙනස්කම් ඇතුලේ ලෝකයටම බෙදාගන්න බලාපොරොත්තු වන අපේ ආදරය හුදකලාවෙනවා. ඇත්තටම ඒ හුදකලාව දරන්න බැරි තරම් අසීරුයි. කොහොමද අපි දෑත දිගු කරලා ආදරෙයි කියලා තව කෙනෙකු බදා ගන්නේ. ලෝකයා අපේ ආදරය නිර්වචනය කරන්නෙ අපි හිතන්නේවත් නැති විදියට නම්, තවත් කෙනෙකුට ආදරෙයි කිව්ව හම ආයෙමත් අපිට ලැබෙන පිළිතුර ඔව් මාත් ආදරෙයි, හැබැයි අයියෙකුට වගේ, නංගියෙකුට වගේ පිළිතුරුනම් අපිට ලැබෙන්නෙ, කොහොමද ආදරය පිවිතුරුයි කියන්නේ. කවදද ලෝකය එක යායක් වෙන්නෙ.

Sunday, 15 February 2009

දුරින් දැනෙන නුඹ සෙනෙහස

අරුණට පළමුව හිනහෙන
මල් තුහිනෙක මුදු සිහිලස
කොපුලත තැවරෙන ගානයි
දුරින් දැනෙන නුඹ සෙනෙහස

සඳ පානට රිදීවන්ව
දිලෙනා රූ පිණි අහුරක
දැවටෙන සඳ සෙවනැල්ලයි
දුරින් පිපෙන නුඹ සෙනෙහස

ගණ අදුරට වියන් බදින
නිල්මල් තරු කැට අතරේ
උල්කාවක් නොවී ඉන්න
ඒ එළියෙන් සැනසෙන්නම්
නුඹ නිල් අහස ළඟයි
ම තණ පලස, දුරයි

Tuesday, 10 February 2009

යෙහෙළි

අමාවක අහසට
පිබිද රන්වන් තරුකැට
යායක් ලෙසින් දිඳුලා

බිද දැමූවයි ඝනඳුර
කොවුලන් නිතර හැඩුවද

අවුරුදු ළඟයි කීවද
පාලූව මකා ඉදහිට

නුඹ ගී ගැයූ කෙවිලිය
මගේ යෙහෙළිය.............

අවසන සටන් බිම වැද

ගුලිකර තුඩට පන්හිද
දෙවියන් ඇමතු ගැහැණිය

නුඹ ගී ගැයූ හංසිය........
මගේ යෙහෙළිය

කියන් මාහට ................

දහයට එක බැගින්

මිලයට නම් කෙරුණු
දෙල්කද මඟ අසල

විකිනුන රන් සුඟක
කවදා යලිත් දකිනද

පිබිදෙන රෝස කුසුමක්
රන් සුණු සුඟක දැවටුන


(නිමිත්ත - මොණිකා රැවන් පතිරණ කිවිදියගේ
පොත් එකතුවක් කළකට පෙර පදිකයේ විකිණිමට තිබිණි)