ජීවිතේ වෙලාවකට හරියට හමන සුළඟ වගේ, කොහෙන් හැමුවද? කොහේටද හමාගෙන යන්නෙ කියල කවුරුවත් දන්නෙ නැහැ. ජිවත් වෙන්න ඉහලට අදින හුස්ම පොදත් එක්ක බැදිල තියෙන අපේ ජීවිතේ ඒ හුළං පොද වගේ නොකියම ඇවිත් නොකියම යන්නත් යනව. ඒ වුනත් ඒ නොකියා ඇවිත් නොකියාම නික්මුණාට අපේ ජීවිතවල තියෙන සමහර සමිබන්ධකම් වල දිල පලල මැරෙන තුරාවට අපේ ජීවිතවල මතකයක් ඉතිරි කරනව.
මඩකලපුවෙ කල්ලඩි වෙරල පේන තැනක එක කාන්තාවක් ඉන්නව. ඇය රාජේශ්වරී, 1978 අවුරුද්දෙ සුළි සුළගට මඩකලපුවෙ ඇයගෙ මහ ගෙවල් නැති වෙනව. අම්ම තාත්ත එක්ක කොළඹ ඇවිල්ල ඉන්නකොට 83 කළු ජුලියෙදි කොළඹ ගෙවල් නැතිවෙනවා; ඒ අතර කොහොම හරි කරල බම්බලපිටියෙ හින්දු විද්‍යාලෙ උසස් පෙළ විද්‍යා විෂයන් කරනව. බැදල දරුවට මාස තුනේදි මහත්තය අතුරුදන්වෙනව. ඔහුත් ඈ වගේම උපතින් දමිල. ඒ වෙද්දි නංගිල දෙන්නගෙ මහත්තුරු ආමි එකට ඔත්තුදෙනව කියල එල් ටී ටී ඊ එකෙන් ඝාතනය කරල වසරක් ගතවෙලා නැහැ. නැගනියන් දෙදෙනා අත ගත්තෙ ගන්දරින් මඩකලපුවට සිංහල පවුලක සහෝදරයො දෙදෙනෙක්.
අත දරුවත් රැගෙන ස්වාමියා හොයාගෙන කොළඹ එන ඇයට නවාතැන් හම්බවෙන්නෙ අනාත කදවුරක ටකරං මඩුවක, අවසානයෙ ඇය දරුව රැකගන්න රස්සාවක් හොයා ගන්නව. ඉස්පිරිතාලේ සාත්තු සේවිකාවක් විදිහට, ණය වෙලා ඉඩම් කෑල්ලක් අරගෙන නිවසක් හදනව. අත්වැඩ දීල, සිමෙන්ති අනල, බ්ලොක් ගල් ගහල හදාගත්ත වැඩ නිමා නොවූ නිවස පෙන්නල පළමු වතාවට මේ මගේ ලේ කඳුළු කියල ඇය කියනව, එකම එක දවසක්වත් පදිංචියට යන්න කලින් අත්තිවාරම විතරක් ඉතිරිවෙන්න ඇගේ නිවස; කාටවත් නොකියාම ආව සුනාමිය ගෙනිහින්. රාජේශ්වරී අපිට කියනව, මම තාම ජීවත්වෙනව. මට ඒකට ශක්තිය තියෙනව කියල.
ඇගේ දියණිය දැන් ඒ උසස්පෙළ කරනව මම දන්නව ඈ දිනනව කියල. මොකද ඇයට මොනව නැති වුනත් ජීවිතේ තියෙන නිසා. තමන්ගේ අතේ ඇගිලි අතරෙන් ගිලිහෙන ජීවිතය ඇය අල්ල ගන්නව. මේ එක උදාහරණයක්, හබැයි මේක මම අදහන්නෙ අපට පාඩමක් කියල, මොකද රාජේශ්වරී තමන්ගෙ මතකයන් එක්ක ජීවිතය අත අරින්නේ නැතිව, ජීවිතය වලදාන්නෙ නැතිව එයට මූහුණ දෙණ හින්ද. අපි කීයෙන් කීදෙනෙකුට එහෙම ජීවිතේට මුහුණ දෙන්න පු ළු වන්ද ?
ලිහිණි
2 comments:
ජීවිතේ දිරිය අරගෙන කපටිකම් නොකර ජීවත් වෙන අය හරි අඩුයි . මේ ඒ වගේ කතාවක්. "සැබෑ මිනිසකුගේ කතාව" මතකයි නේද ? මට ඒක මතක් වුනා. මේ ඉන්නෙ සැබෑ වීර වරියො
ලිහිණි කොහොමද මෙපමණ ලස්සනට අකුරු කරන්නේ. කඳුලක් අවා ඇහැට. ඒ මගේ ජීවිතයටත් ඔහොම සිද්ධි තියෙන නිසා වෙන්නැති
යකඩ තැලෙන්න තැලෙන්න හයි වෙනවා කියන්නේ ඒක නිසා වෙන්න ඇති.
Post a Comment