අලස සුව විදිමින් නිද්ද්‍රාවක වැතිර සිටි වැහි ලිහිණියක වෙමි. වසරකට පෙරාතුව ඊමේල් හරහා පැමිණි සිහින් වැහි බිංදු නැවත පියා සැරිමට කාළය පැමිණ ඇතැයි මතක් කරමින් කුසීත තටු සෙනෙහසින් පිරිමැද හිතිවිලි කිති කවන්නට පටන්ගති.
නිදහසේ ඉඟිලීමේ සතුට සිතිවිලි සුළංසර සමග මුසුවී ඉමක් නැති සයිබර් කොදෙවේ සැරි සරන්නට දිරිය සපයන ලදි.
අලුත් අහසක සරන ආගන්තුක ලිහිණියට නවාතැන් සපයමින් දිරි සිදුණු පියාපත් ශක්තිමත් කරමින් සුළං සරට මුහුණ දෙන්නට අත්වැල් ඇල්ලුවෝ බොහෝවෙති. එතෙර මෙතෙර සිට විහඟ නදට සවන් දුන්, වෙහෙස පියාපත් පිරිමැදි ඒ සද්ජනයින්ට පළමුව ආචාර කරමි. ඉදින් මේ ලිහිණි ස්වරයයි.