Thursday, 29 October 2009

ලිහිණිසර ට අවුරුද්දයි

බ්ලොග් ලියන්න පටන් අරන් පළමු අවුරුද්දත් ගෙවිල ඉවර වෙලා. දන්නෙම නැතිව. කාලය හරි ඉක්මණට දුවනව. දවසින් දවස, මොහොතින් මොහොත ගුණනය වන වැඩ කන්දරාව එක්ක ‍‍ලිහිණිසරට තාවතාලික නිහැඬියාවක් එක්වුණත් මේ වසරක් ගෙවූන තැන කලින් පද පේලි විතරක් වුණු පදමාලවක ස්වර රටාව ඔබට අහන්න දෙන්න ඉඩකඩ ලැබුණා. ඉතින් අහන්න මේ ස්වර රටාවන්,

අහස දුර වැඩියි අල්ලා ගන්නට බෑ
පොළව බර වැඩියි උසුලා ගන්නට බෑ
තත්පරයක් එක තත්පරයක්
අත්ලට ගුලිකර අල්ලා ගන්නට
කවුරුද එන්නේ

http://www.divshare.com/download/9026765-349
ahasa dura wadi koddippili.mp3

ගායනය - නිපුනි කොඩිප්පිලි,
සංගීතය - කපිල මැද්දෙගොඩ

මේ සුනිල අහස යට පොළව මත
රැදි රැදී දිලෙන පිණි අහුරු ළඟ
නවාතැන් ගන්නවා මගේ සිත
කියවන්න ඔබේ නෙතඟින් කියන
සොඳුරු තම සිතිවිල්ල

http://www.divshare.com/download/9073629-b
me sunila ahasa yata___sithumini.mp3

ගායනය - සිතුමිණි මැද්දෙගොඩ,
සංගීතය - කපිල මැද්දෙගොඩ

Thursday, 1 October 2009

හෙට පිපෙන මල් කැකුළු

අද ලෝක ළමා දිනය

අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යායේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයත් පැවැත්වෙනවා.

" අක්ෂර සෙනඟ" සාහිත්‍යයය තරඟයේ පද්‍ය රචනා අංශයෙන් පළමු තැන ලැබූ ඩී. චමින්ද්‍රා කුමාරි සොයුරියට පාසලේ ගුරු මණ්ඩලයේ සහ සහෝදර සිසු සිසුවියන්ගේ උපහාරය පිරිනැමෙන බව විදුහල්පතිතුමා අපට දැන්වුවා.

චමින්ද්‍රා ගේ ජයග්‍රහණය ඇගේ පාසල් පුස්තකාලයට රුපියල් 30.000, පුස්තකාල ‍පොත් ලබාදුන්න. එහි අපේ වැකිය,

"තනි අස්සයෙක් වින් කරන්න ඇබ්බැහිවෙච්ච මිනිස්සු ඉන්න රටක අනුන් වෙනුවෙන් දුවන්න, ඉදිරිපත්වීම බලාපොරොත්තු සහගතයි" කියල

ඉතින් මේ අගය කිරීම, අපට තව තවත් බලාපොරොත්තු දල්වනවා නොවේද?

Friday, 25 September 2009

ආදරේ බෙදාගන්න හිතිවිලි බදාගන්න එන්න, හෙට සයිබර් අහසින් පොත් පිටු අතරට එන නවක විහග නද විදින්න.

Tuesday, 28 July 2009

ජාතියකට මුඛවාඩම් බැදීම....

ස්වාධින රූපවාහිනි උදැසන ප්‍රවෘත්ති http://www.divshare.com/download/8012760-4d9

14 .1 අ වගන්තියට අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන්වන පරිදි ශ්‍රී ලාංකික සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට හා ප්‍රකාශය ඇතුළු අදහස් පලකිරීමේ නිදහ‍ට හිමිකම් ඇත්තේය.,

නිදහස් නිවහල් දේශයක සංස්කෘතික පොලීසියක අභිමානය සමරන්නට ඔබත් එක්වෙන්න, ලොව විශාලම ළදරු කැබිනෙට්ටුව සහිත රාජ්‍යවිමේ අනාගත ගිනස් වාර්තාවන් පිහිටුවන්න ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයට සහයෝගය ලබාදෙන්න.

මූලික සුදුසුකම් -සෑම වැඩිහිටියෙක්ම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සදාකාලික ළමාවියක් ගෙවිය යුතුයි.

වැඩිහිටියෙකු වීම, වැඩිහිටි අදහස් දැරිම,වැඩිහිටියෙකු ලෙස භාෂණයේ හා අදහස් ප්‍රකාශකිරී‍මේ යෙදීම උක්ත ගිනස් වාර්තාව හඹායෑමේ විශාලම බාධාවයි. ප්‍රවේසම් වන්න, සදාදරණිය දේශප්‍රේමියෙකු වන්න,

කශේරුකා

Friday, 17 July 2009

කන්නගීපුර ‍තේමා ගීතය

කන්නගිපුර ‍ තේමා ගීතය
අපේ උත්සාහය ගුවන් විදුලි මාලා නාට්‍යක් හරහා සමාජය තුළ අවබෝධය විශ්වාසය සහ සහයෝගය ගොඩනැංවීම, මේ එහි පළමු පියවර, හිනාවෙන, වැළපෙන, අපේ ජිවිත කන්නගිපුර ජීවත්වනවා.

යෞවනයට වැට කඩොළු නැතී
සිහින ඉසව්වට දොරටු නැතී
ළඟක ඇති දුර ඈත නැති
අපි අපිමයි වෙන කිසිවකු නැතී

එක මිටට එන්න
දුක සැපට ඉන්න
ආකාසේ පුරා ඉනිමං බදිනා
තටු නැතිව සරා
එක රැලේ නොආ
ජීවිතේ සොයා පියමං කරනා

ගිනි දැල්ලක් නසා
හස රැල්ලක් නඟා
කදුලැල්ලක් මකා
හිනැහෙමු
ජීවිතේ
හිරු එළියක් වෙලා
ඝන අදුරත් නසා
එක පොකුරක් වෙලා
ජයගමු
ජීවිතේ

සොඳුරු දිවිය පුරා
සතුට දෝර ගලා......ලා....
ඉමක් සොයනු සිතා ...
එක්ව පියමනිනා


තුන් කල්හිම සැනසීම ඔබෙ ආදරේ
හසරැුල්ලක්දෝ රහසින් ගෙනා
ඔබ සිහිනෙන්ද මට කිවුවෙ ඒ ආදරේ
හැම භවයේම පතමි සදා

අන්න අන්න අර බලන්න
දේදුන්නක් පායල,
අද කන්නගිපුර හරිම ලස්සනයි


ගිනි දැල්ලක් නසා
හස රැල්ලක් නඟා
කදුලැල්ලක් මකා
හිනැහෙමු
ජීවිතේ
හිරු එළියක් වෙලා
ඝන අදුරත් නසා
එක පොකුරක් වෙලා
ජයගමු අපි
ජීවිතේ......

ඔබට මට දැනෙනා...
අතින් අත බැදීලා
දිරිය ඇතිවේවා
සියල් සිත් පුරවා....

සන්ත්‍රාසෙ වළාවන් ඈතට යවලා
සහයෝගේ බැදීමෙන් එක්වී
එක රෑනක් වෙලා නිදහසේ ඉගිලෙමු
වැට මායිමි නැතී ජීවීතේ


සංගීතය -
කපිල පූගලආරචිචි

පද රචනය
සංජීවිකා මනෝහාරී දයානන්ද
ජානක නාවලගේ
ලෙනාඞ් රජිත් ජෝෂප්
තරංගා ප්‍රියදර්ශනි

ගායනය -
කපිල පූගලආරචිචි, දිනිති විදානපතිරණ, ඩයානා රෝකි
ළහිරු ප්‍රනාන්දු, තරිකා වික්ක්‍රමරත්න,ඒ. වතීශ් වරුණන්, .

Sunday, 24 May 2009

Its just an interpretation

Clear water is always enticing,
Still,
Unlike the dissolved muddy water,
Sometimes even the sky
Turns in to black and whites
Yes, the breeze,
Do turn into a gale,
So does the love...
My heart whispers
Fascinate, quiescent, violent
The poem was translat by Fathima Ishrath
 

© ලිහිණි සර by Manoohari Dayananda