මේ ගැන
ලියන්න හිටියෙ
හුඟ දොහකට
කලින්, ඒත්
අදට වැඩිය
හෙට හොඳවෙයි
කියල යටිහිත
නිතරෝම කියන
නිසා නොලිය, නොලිය
හිටියත් තව
දුරටත් එසේ
ඉන්න පුළුවන්
කමක් නෑ.
මම මේ
කතා කරන්නෙ
අපේ දරුවො
ගැන. රටේ
දරුවො ගැන, එහෙම
නැත්නම් මම
කැමතියි කියන්න
මගෙ සොහොයුරියන්
ගැනයි මම
මේ කතාව
කියන්නෙ කියලා.
අතීතයේ නම්
අපි දන්නව
ප්‍රේමවතී
මනම්පේරිලා ගැන, මතුගම
සමන් කුමාරලා
අහන්න ලැබුණෙ
හාවා හද
දකිනව වගේ
කලාතුරකින් කියල.
ඒ වුණත්
අද තත්ත්වෙ
ඊට හාත්පසින්
වෙනස්. අපි
නිකං මූනිච්චාවට
කතා කරන්න
ඕනි නෑ.
කෙලින් කතා
කළොත් ඔබත්
මාත් දන්නවා
වාර්තා වීම කෙසේ වෙතත්
ස්ත්‍රී දූෂණවත්
ළමා අපචාරවත්
මේ ධර්මද්වීපයේ
අඩුවක් නැතිව
සිදුවෙනවා කියලා.
අලුත්ම තත්ත්වය
ළමා මවුවරු.
කවුද මේවට
වගකියන්නෙ? කවුද
මේවට වගකිව
යුත්තෙ? මහ
විශාල ප්‍රශ්න
දෙකක් අපි
ඉස්සරහ තියෙනවා.
මට හිතෙන
හැටියට මේ
හැම දේටම
වග කියාගන්න
ඕනේ අපි, අම්මලා, තාත්තලා, සහෝදර
සහෝදරියො, ගුරු
දෙගුරු හැමෝම
මේ තත්ත්වයට
වග කිව
යුතුයි. අපි
කාටවත් මේ
තත්ත්වය මඟ
ඇරලා අනේ
අපි දන්නෙ
නෑ කියල
ඈත් වෙන්න
බෑ. අපි
දන්නවා ලිංගික
හා ප්රජනක
සෞඛ්‍ය ගැන
අපේ දරුවන්ට
තියෙන්නෙ අවම
අධ්‍යාපනයක්. වැඩිවියට
පත් දැරිවියකට
තමන්ගේ ශාරීරික
වෙනස්කම් ගැන
මනා අවබෝධයක්
ගුරු දෙගුරුන්ගෙන්
ගෙන් ලැබෙන්නේ
නෑ. අතීතයේ
මල්වර වන
දියණියකට ඇගේ
ශරීර සෞඛ්‍ය
ගැන හැසිරිය
යුතු ආකාරය
ගැන පවුලේ
වැඩිහිටි ගැහැනු
උදවිය ගෙන්
ගුරුහරුකම් රාශියක්
ලැබුණා. සමාජයට
ඇය රැකබලාගතයුතු
ගරු කටයුතු
කාන්තාවක් කියන
පණිවිඩේ ලැබුණා.
ආච්චි අම්මලා, ලොකු
අම්මලා, සමාජයේ
හැසිරිය යුතු
අයුරු කියාදුන්නා.
වර්තමානයේ දියණියක
වැඩිවිය පැමීණීම
පෞද්ගලිකත්වය තුළ
ආරක්ෂා කෙරුණත්
සමාජීය ජීවිතය
තුළ, සමාජිය විනය
පවත්වාගෙන යාම
පිළිබඳ සමාජානුයෝජනය
නිසි පරිදි
සිදුවෙනවාද කියන
දේ, බරපතළ ගැටලුවක්
බවට පත්වෙලා
තියෙනවා කියන
ඒක අපි
අපිටම ඒත්තු
ගන්වා ගන්න
වෙලා.
පුරවැසියන් ලෙස
අප මේ
සම්බන්ධව කළයුත්තේ
කුමක්ද? ක්‍රියාත්මක
විය යුත්තේ
කොතනින්ද යන්නට
පිළිතුරු සොයා
ගත යුතුයි.
ඊට පිළිතුරු
සොයාගත යුත්තේ
කෙසේද? උදවු
ඉල්ලා සිටින්නේ
කාගෙන්ද? ක්‍රියාත්මක වීම සිදු
කරන්නේ කොතනින්ද?
ගැටලුව නොදන්නාකම
නම්, පිළිතුර දැනුවත්
කිරීම නම්, තව
දුරටත් අපි
ඇස් කන්
පියා සිටින්නේ
ඇයි? දරුවන් දැනුවත්
කළ යුතු
වන්නේ ගුරුන්
දෙගුරුන් හරහා
නම් ඒ
පිළිබඳ අවබෝධයක්
ගුරු දෙගුරුන්ට
ලබාදීමයී යුගයේ
අත්යාවශ්යම
කාරණය වන්නේ.
ඒ සදහා
පෙර පාසල්
ගුරුවරුන්ගේ සිට
මවුපියන් දක්වා
දැනුම ගලා
යා යුතු
යාන්ත්‍රණයක් ගොඩනැඟිය
යුතුයි. තව
දුරටත් තම
තමන්ගේ පහසුව
ගැන සිතා
තම දූ
දරුවන් අධි
ආරක්ෂිත කලාප
වශයෙන් සැලකිය
හැකි තම
නිවෙස් තුළ
වුව අනාරක්ෂිත
අනාථයන් නොකිරීමට
වැඩිහිටියන් සවිඥානිකව
දැනුවත් කළ
යුතුයි.
එය ඒ
ආකාරයෙන් ඉටු
කිරීමට ගුරු
දෙගුරුන්ව දැනුම්වත්
කිරීමේ, ව්යායාමය
ඇරඹිය යුත්තේ
පාසලින් පමණක්
නොවේ. සෞඛ්‍ය කේෂත්‍රෙයේ මැදිහත්වීමත්
ඒ සඳහා
අත්තවශ්යමයි.දරුවන් ඇසුරේ
ඇති වන
නොදැනුවත්කමෙන්, තම
ආරක්ෂාව සලසාගත
නොහැකීවීම නිසාත්, නිසි
රැකවරණයක් සෙනෙහසක්
නොලැබීම නිසාත්
අසරණව අනාථව
ජීවිතය වරදවා ගන්නා
දූ දරුවන්
ගේ අවසානයේ
යොමු කෙරෙන්නේ
වෛද්‍ය
වෘත්තිකයන් වෙතයි.
ඒ අනුව
ළමා අපයෝජන
පිළිබඳ ව, ළමා
මවුවරුන් පිළිබඳ
ව, මානසික අසමතුලිතතාවන්ට
ගොදුරව උපදේශන
ප්‍රතිකාර
ලබාගත යුතු
දු දරුවන්
ගේ ගැටලු
පිළිබඳ ව
, එහි
හේතුඵල සම්බන්ධතා
පිළිබඳ සෑබෑ
අත්දැකීම් සම්භාරය
ඒකරාශි වන්නේ
විශේෂයෙන් මනෝ
විද්යාඥයන්
සහ ප්‍රජනක
හා නාරීවේදය
පිළිබඳ වෛද්‍යවරුන්
වෙතයි.
එදිනෙදා වෘත්තීය
ජීවිතයේ මුණ
ගැසෙන දරුවන්, මුහුණ
දෙන ගැටලු
සහ, ඉන් මිදීම
සඳහා දරුවන්
දැනුම්වත්කළ යුතු
කරුණු කාරණා
ගැන සමාජයීය
මඟපෙන්වීමක් කළ
හැකි ප්‍රමුඛයන්, ප්රජනක
හා ලිංගික
සෞඛ්‍ය පිළිබඳ
ව සමාජයීය
දැනුම්වත්භාවය ඇතිකිරීමේ
පුරෝගාමී මඟ
පෙන්වන්නන්, සම්පත්
දායකයන් අප
සොයා ගත
යුත්තේ සෞඛ්‍ය කේෂත්‍රයෙන්
යයි මා
පවසන්නේ ඉහත
හේතු සාධක
පදනම් කරගෙනයි.
තව දුටත්
වැඩිහිටියන්ගේ නොසැලකිල්ල
නිසා, නිවැරදි දැනුම
ලබා නොදීම
නිසා, දරුවන් අපයෝජනයට
ලක්වීම, ඝාතනය
වීම වළක්වා
ගැනීමට නීතී
රීති සම්පාදනය
කරනවාට වඩා.
අනෙකාට ඇඟිල්ල
දිගු කරනවාට
වඩා විද්‍යාත්මක
සන්දර්භයක් තුළ
දරුවන් දැනුම්වත්
කිරීමේ කාර්යය
සාධනයත් ඇතිවිය
යුතුයි.
ඊට සෞඛ්‍ය
අධ්යාපන කාර්යංශයේ
ප්රජනක
හා ලිංගික
සෞඛ්‍ය පිළිබඳ
ඒකකයේ අදාළ විෂය පිළිබඳ
මනා දැනුමක්
අවබෝධයක් ඇති
වෙද්යවරුන්ගේ
අදහස් උදහස්
හා යෝජනාවන්
ද ඔවුන්ගේ
අත්දැකීම් ද
සමාජීය දැනුම්වත්භාවයක්
උදෙසා සමාජීය
කතිකාවතකට එක්කර
ගැනීම පිළිබඳ
ව ජාතික
ප්‍රතිපත්තියක්
සකසා ගත
යුතුයි. ඒ
සඳහා බලධරයන්ගේ
ඇස් විවර
නොවන්නේ නම්, එක්
පාසලක , හෝ
පළාතක සිසුවියන්
43 දෙනෙක් පමණක්
නොව වැඩිවිය
පැමිණුන සිසු
දැරියන් සියල්ලන්
ම වුව
ළමා මවුවරුන්
වීමේ අවධානම
අප බාරගත
යුතු වෙමු.
රටක දරුවන්නේ
නැණස පෑදීම
ගුරුදෙගුරුන් සතු
වගකීමකී. එසේ
දරුවන් දැනුම්වත්
කිරීම උදෙසා
වැඩිහිටියන් දැනුම්වත්
කිරීම ආරම්භය
කෙසේ සිදුවිය
යුතුදැයි මා
ඔබෙන් විමසමි.
රජයක්, පාසලක්
අධ්යාපන
අමාත්යංශය
එය ඉටුකළ
යුතුයැයි අදහාගෙන
සිටීම කෙතරම්
නම් ස්ථානෝචිතදැයි
මා ඔබෙන්
විමසමි. අප
තනි තනිව
හෝ වැඩ
පටන්ගත් යුතුව
තිබේ. ඔබේ, ගමේ
පාසලේ, පන්සලේ
රැකියා ස්ථානයේ
මාසික හමුව, දැනුම්වත්
කිරීමේ සම්මන්ත්රණයක්
කරගත හැකි
නම්, ඔබට මහජන
දේශනයක් සුදානම්
කරගත හැකි
නම් එය
වර්තමානය තුළ
රෝගී සායනයක්, ලේ
දන්දීමේ කඳවුරක්, සුහද
හමුවක් පවත්වනවාට
වඩා වැඩි
වැදගත් කමක්
ගනු ඇතැයි
ඉඳුරා පවසමි.
හෙට දින
විනාශ වන, මිලින
වන මල්
කැකුල, ඔබේ
විය හැකියි.
මගේ විය
හැකියි. ඒ
අපරාධකරුවන්ට මරණිය
දඬුවම දෙන්න
යයි ඉල්ලා
සිටිනවාට වඩා
එවන් තත්ත්වයන්
ඇතිවීම වැළැක්වීම
පිණිස අපේ
දරුවන් ආරක්ෂා
කර ගැනීම
උදෙසා තනි
තනිව හෝ
සාමුහිකව හෝ
ක්‍රියාත්මක වන්නැයි
මා ඔබෙන්
ඉල්ලා සිටිමි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ
වගකිව යුත්තන්ගේ
අවධානය පිණිසත්, පුරවැසියන්ගේ
දැනුම්වත් භාවය
පිණිසත්ය.