Friday, 17 April 2009

සමුදෙන්න ප්‍රියේ කුවෙණී






















විසල් නුඹ කුසිනි
හෙබවූ පුරවර
සහ පිරිවර සමගින්
වැජබෙනු රිසිවූයෙම්

ගමන විලම්බා
මුව මියුලගනා
කුමාරියක දුටුවෙම්
ජීවහත්ත හා දිසාලාව දෙදරුන්
අප දෙදෙනා ලදුයෙම්

කුවේර පුරවර සේ මෙ ලක්දිව
අගරජු මම්ම නොවෙම්
අභිෂේක ලබනු රිසියෙම්,
මාදේවි අසන් මෙවදන්

දුරු රටින් නැවට නැගලා
කුළ කුමරි ඒවි මතුදා
විජය ගේ රැජිණ විලසින්
අභිෂේක ලබන්නිය වී

කේතකී සුවඳ ගවසා
මාලතී රේණු අතුරා
සැදි යහන ඇයට සකසා
නුඹ නික්ම යන්න මෙපුරින්
දරුවන්ද රැගෙන නොලසා
මට ක්‍රෝධ වෛර නොකරා
යනු මැනවි පුරෙන් නික්මී
කුවෙණියේ දයාබාරී


2 comments:

-බිன்ku- said...

එළ කවිය, දාන්න පහක් අක්කේ.

ලිහිණි said...

ස්තුතියි බින්කු, මගෙ තවත් යාලුවෙක් කියනව දැන් එයාට විජය ගැන දුකයි කියල. මේ කවිය එයාගේ හිතේ තිබිබ ‍‍වෛරය නැතිකරාලු