Add caption |
මිනිස්සු
අමනුස්සකම් හංගගෙන ඉන්නෙ, දරාගෙන ඉන්නෙ කොච්චර
අමාරුවෙන් ද කියල දැනෙන්නෙ පාරට බැස්සහම. මේක තවත් එක කාන්තාවකගේ දෘෂ්ටියක් විතරක්
වෙන්නත් පුළුවන්, ඒ වුණත් අනේ මන්දා
පිරිමියෙක් දැක්කහම ගැහැනුන්ගෙ හිතිවිලිත් කුපිත වෙනවද කියලා. මේ කතා මෙහෙම කියන්න
ලැඡ්ඡා බය ගෑවිලාවත් නැත්ද කියල අහන අයත් ඉන්නවා. ඒ කොහොම වුණත් කියන්න තියෙන දේ
නොකියා හිටින්න බැරි තරමටම අපේ සමාජයේ මනුස්සකම පිරී ඉතිරී තියෙන හින්ද මේ කතා
කියන්නම වෙනවා.
අපි
වැඩට යන්න එන්න බස් එක තෝර ගන්නෙ ඒ සඳහා වෙන විකල්පයක් නැති හින්දා, අපි සල්ලි ගෙවුවත් අනුන්ගෙ
බස්නෙ, ඉතින් හෙට යන්න තියෙන
ගමනක් අද යනවයි කියල හිත හදාගෙනමයි බස් නැවතුමට යන්නෙත්.
බස්
නැවතුමට යනකම් එනකම් මඟ දිගට මුණ ගැහෙන සමහරක් පිරිමි පරාණ බලාගෙන ඉන්නෙ කොයි
වෙලේද ගෑනියෙක්ගෙ රෙද්ද වචනවලින් ගලවන්නෙ කියලා. කෑලි, බඩු , අයිටම්, පාර, මල් තව එක එක ජාති, ඒ විතරක් නම් මදෑ නෑදැකම්,අක්කෙ, නංගියෙ, තව සමහර වෙලාවට පාරක් තොටක්
අහන්නත් එනවා.
ඊළගට
බස් නැවතුම. කෙල්ලෙක් හරි ගෑනියෙන් හරි තනියම නම් ඉන්නෙ. පාරෙ යන ත්‍රීවීලර්
මෝටර් සයිකල්, කාර් වෑන් ඔය ඔක්කොම
වාහනවල නළාව නාද වෙනවා. මට තේරෙන්නෙ නැහැ මොකක් ද ඒ අය වළක්වා ගන්න හදන අනතුර
කියල. ඒ අතර බොහොම ආදරණිය ඇමතුම් හෙමත් නැතිවා නොවෙයි. එන්න, යන්න, ආතල් ගන්න කතන්දර ගොඩයි. මම
මේ කියන කතාව ගමට විතරක් නෙවෙයි කොළඹටත් එක වගේම අදාළයි.
මම
මේ කතාව මෙහෙම කියනකොට සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මේ කියන දේ ඇත්තමද කියල? කොහෙද ඉතින් ගෑනු යන්නෙ
එන්නෙ පිරිමි කරකවලා අත ඇරලනෙ,
ඔක්කොම
එළියෙ දාගන යන්න ඇති. විනයත් චාරයක් නැතිව යනකොට ඔහොම වෙලා මදි කියල හිතන අයත්
ඇති.
විනයක්
හික්මීමක් නැති මිනිස්සු ඉන්න ලෝකෙ ඕවා එච්චර හිතන්න දේවල් නෙවෙයි තමන් පරිස්සම්
වුණාම ඉවරයි කියල හිතන අයත් ඇති. නමුත් තමන් ඇරෙන්න අනිත් අයට මොනව වුණත් කමක් නෑ
කියල හැමදේම දිහා ඇස්කන් වහන් බලාගෙන ඉන්න අයට තමන් ඉන්න සමාජ දිහා ඇස් කන් ඇරලා
බලන්න කියල කියන්න මට අවශ්‍යයි.
පාසල්
වෑන් රියක යන පුංචි පුතෙක් පහුගිය දිනක ඔහුගේ සොයුරියගෙ කාන්තා ඇදුම් කිහිපයක්
සොරාගෙන සිටිද්දී මවුපියන්ට හසුවුණා. තමන් එකට පාසල් යන වෙනත් පාසලක අයියෙක් ගෙ
ඉල්ලීමට තර්ජනයට බියෙන් ඔහු තමන්ගෙ සොයුරියගෙ ඇදුම් සොරාගෙන ගොස් තිබුණා. අම්මල
තාත්තල අපේ දරුවො ආරක්ෂිතයි කිසි කරදරයක් නෑ කියල හිතන් ඉන්නව නම් අන්න වැරදෙන එක
තැනක්.
ඒ
විතරක් නෙවෙයි ඇගේ දරුවව අපයෝජනයට ලක්වුණු දරුවත් සමාජයෙන් අපයෝජනයට ලක්වුණු
දරුවෙක් බව පසුව හඳුනාගෙන තිබුණා. ඉතිං මේ සර්කල් එක එහෙම නැත්නම් මේ චක්‍රය
නවතින්නෙ කෙහෝද කියල හිතනඑත. නවත්වන්නෙ කොහෙන්ද කියල හිතන එක මහ භාරදූර වැඩක් මං
හිතන්නෙ. ඒ ගැන හිතන්න ගියාම මට හිතෙනවා මිනිස්සු ඉපදුනේ ඕපපාතිකව ද කියල? කොහොමද කියන්නෙ මෙහෙම
මිනිස්සු තමන්ගෙ අම්මලව නංගිලව අක්කලව අදුනනවයි කියලා.
පාර
තොටේ ගෙදර යන්න හරි වෙන ගමනක් යන්න හරි බසයක් එනකම් තැග් ගැහෙන, එදිනෙදා ජීවිතය පිරිමහ ගන්න
විවිධ උවමනා එපාකම්වලට ගෙදරින් එළියට බහින දැරියක්, යුවතියක්, කාන්තාවක් කාගේවත් ලිංගික
දඩයමක් වෙනව නම්, මිනිස්සු හිතනවා නම්
තමන්ගෙ පවුලෙ ගෑනු උදවිය ඇරෙන්න අනිත් ගෑනු උදවිය නිදහස් ලිංගික කලාපෙක පරිහරණෙට
සැදී පැහැදී සිටිනවා කියලා ඒ අමනුසස්යන්ට අපි ආමන්ත්‍රණය කළයුත්තේ කොහොමද?
4 comments:
Good post
නිරුවත් ඇත්ත. මෙතනදී ඔබ කියන විදිහට නෑදෑකම් ප්‍රකාශය නම් දෙවිදියකට මට තේරුම් යන්නේ. අර්ධ නාගරික අපේ පැතිවල තාමත් සංස්කෘතියේ ශේෂ වෙච්ච ගති ලක්ෂණ විදිහට අක්කා, නංගී වගේ ආමන්ත්‍රණ පාවිච්චි වෙනවා. ඒත් ඔබ මෙයින් අදහස් කලේ ඒ තුළ තියන ව්‍යංග අදහස තේරුම් ගිය නිසා වෙන්නැති.
මේ ලිපියේ ශෛලියට බොහොම කැමතියි.
අද දෙමව්පියන්ට ඕන රොබෝවරු හදන්න මිසක්. මිනිසත් කම දන්න දරුවන් හදන්න නෙමෙයි. මම නම් කියන්නේ ළමයි ගෙදර යවලා, ඔය ඉස්කෝළ ඉස්සරහ හිටගෙන ඉන්න. ඒ ලෙවල් පන්තියේ එකත් ඉස්කෝලේ ගාවට ගෙනත් ඇරලන දෙමව්පියෝ ඔක්කෝටම හෝඩියේ ඉඳලා උගන්වන්න වෙනවා. මේ කඩාවැටීම දරුණු උනේ 94 න් පස්සේ. මහ එකා විස්කි බිබි රමණයේ යෙදෙන රටකට මීට වඩා දෙයක් ලැබෙන්නේ නෑ.
සංවේදී හදවත් වලට අද තියෙන තත්වය දරාගන්න අමාරුයි. ඒත් ඔබ හිතනවද, මේ වගේ විවේචනයකින් ඒ තත්වය වෙනස් වෙයි කියල? නෑ, වෙනස් වෙන්නෙ නෑ. වෙනස් කරන්න ඕනැ. වෙනස් කරන්නම වෙනවා.
ඒක අපි කළේ නැත්නම් වෙන කවුරුත් කරන්නෙ නෑ.
මේකට අවුරුදු විස්සක් තිහක් වුනත් දිග ගමනක් යන්න සූදානම් වෙන්න.
Post a Comment