Friday, 27 May 2011

තනියට කඳුළයි හසරැල්ලයි

ආදරේ සුන්දර ගින්දරක් කියල කවුදෝ කියල තිබුණ. ලිහිණි, කාලයකින් දැනෙන නිර්මාණයක් දුටුවෙ නෑ, දැන් ලියන්නෙ නැද්ද කියල අහන, හැමදාමත් අලුත් දෙයක් විදින්න බලාගෙන ඉන්න අයට පහුණු කාලෙ දෙන්න උත්තරත් තිබුනෙ නෑ මට. මොකද වැඩත් එක්ක යුද්ධයක් කිව්වට නොලියා සිටීමට ඒක හේතුවක් කියල පිළිගන්න කවුරුවත් සූදානම් නැති නිසා.
මේ ගීතය ලියවුනේ යමුණා ස්වර්ණමාලි රන්කොත් වෙනුවෙන් ලියවුණු ස්වර රචනාවකට, එහි ස්වර රචනය රවී අලුත්ගේ සොහොයුරාගේ, යමුනා ස්වරණමාලි මගේ පළමු ගීතය "ලිහිණි" ගැයු එයට සාධාරණය ඉටු කළ ශිල්පිණිය. තවත් වැල් වටාරම් ඕනි නෑ.. එහෙම නේද? අහල බලන්න.



තනියට කඳුළයි හසරැල්ලයි වී
ජීවිතයට සිහිලසක් පතා
බදා වැළදගත් ගින්දර සිසිලයි
කියන්නෙ කොහොමද පෙම්බරයෝ//

ජීවිතයම වූ පෙමැති අතීතේ
මඳහස දැවටුන මතක මංපෙතේ //
අතිනත තනියට මතකය කැදවා
සිතිවිලි ඉගීලී හද සැලෙනා//

මට මා අහිමිව නුඹ හිමි වුනදා

හදවත පිරිමැදි මුඳු වීනා තත//
තියුණු සැතක් වී මා රිදවන බව
දැන සිටියේ නෑ පෙම්බරයෝ//

තනියට කඳුළයි හසරැල්ලයි වී
ජීවිතයට සිහිලසක් පතා
බදා වැළදගත් ගින්දර සිසිලයි
කියන්නෙ කොහොමද පෙම්බරයෝ//

1 comment:

hare :-) said...

චුට්ටක් විතර ෆාස්ට් වුණානම් හොඳයි කියල හිතුණ. අනික ගායිකාව ටිකක් හිර වෙලා වගේ ගතියක් මට දැණුනෙ. අනේ මන්දා.. මගෙ රසග්ණථාවය හෙන ඍණ අගේකනෙ තියෙන්නෙ :-|