Tuesday 19 April 2011

උපතක සතුට!



අප්‍රේල් 2011ට පැමිණ නික්ම යන්නටත් ආසන්නව ඇත. තනිව ගත් පළමු හුස්මේ සිට අවසානයක් නොදන්නා ගමනක තවත් එක් සැතපුමක් අතීතයට එක්වී හමාරය. මේ සටහන තබන්නේ සතුටක් බෙදා ගැන්මටත්, සතුටක් ලබාගන්නට සහෘදයනට විවෘත ඇරයුමක් ලබාදීමත් අරමුණු කොටගෙනයි.

ගතවු අප්‍රේල් 12 වනදා උදෑසන නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයට ගොස් රුධිරය පරිත්‍යාග කළයුතු යැයි සිතුනේ කවර මොහොතක කුමන හේතුවක් නිසාදැයි මතකයේ නොවේ. ඒ කෙසේ වුව දුරකතනය හරහා පැමිණ ‍බොහෝ සුපැතුම් සමඟ රුධිය දන්දීමට අවශ්‍ය සියලු කොන්දේසි සපුරා තීබීම නිසාවෙන් රුධිරය පරිත්ත්‍යාග කීරිමේ හිමිකම් ලැබිම එදින මා ලද සුවිශේෂි තිළිණයයි.

රටතුළ යුද්ධය පැවති වකවානුවේ නිරන්තරව රුධිර‍ පරිත්ත්‍යාග ශීලීන්ගෙන් රුධිරය ලබාගැනීමේ ව්‍යාපාර පැවත්වුවද වර්ථමානය වනවිට ඒ සඳහා ප්‍රබල යොමුවීමක් දක්නට නැත. ‍ලේ බැංකු වාර්තාවන්ට අනුව මාර්තු අප්‍රේල් යනු රුධිර ගබඩාවේ ඉල්ලුම ට සැපයුම් යන්තම් පිරිමහ ගන්නා කාල වකවානුවයි.

කාල දින වකවානු කෙසේ වේවා ඔබ, ‍ඔබේ රුධිරය පරිත්‍යග කි‍රීමේ කැමැත්තෙන් පසුවේ නම්, කි‍සිවෙක් රුධිරය පරිත්‍යග ශීලීයෙකු වීමට සුදුසු දැයි පිරිස්කා බලන ප්‍රකාශ පත්‍රයට අනුවත්, රුධිර‍යේ හිමොග්ලොබින් ප්‍රතිශතය ප්‍රමාණවත් නම්, ශරිරයේ බර කිලෝ ග්‍රෑම් 50ට වඩා වැඩි නම් අවුරුද්දේ ඕනෑම දිනයක, ඕනෑම මොහොතක ඔබටද රුධිර පරිත්ත්‍යාගගීලියෙකු වීමේ සතුටට හිමිකම් කිව හැකිවනු ඇත.

නාරාහේන්පිට රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ දී එකවර 10 දෙනෙකුට පමණ පමණ ‍රුධිරය පරිත්ත්‍යාග කල හැක. යන්න. පමා නොවන්න, තනිව හෝ හැකිනම් තවත් එක් අයකුවත් කැටිව ගොස් ජීවිතයේ එක් වතාවක් හෝ රුධිරය පරිත්ත්‍යාග කි‍රීමේ නිරාමිස ප්‍රීතිය අත්විදින්න...

2 comments:

රවා said...

මමත් නිතරම පාරෙ තොටෙදි හම්බෙන මොබයිල් ලේ බැංකුවලට ලේ දෙනවා. එක හරිම හිතට ලොකු සහනයක් දෙන දෙයක්.. ලේ ටික ගත්දි ටිකක් රිදුනට, ක්ලන්තෙ කැරකිල්ල ආවට..

" අඩෙ මමත් ලේ දන්දිලා තියනවා නෙද "

කියන හැගිම හිතට දැනෙද්දි වචන වලට එක ගන්න අමාරුයි

Unknown said...

රවා, ලේ දන්දීපු පළමු වතාවේ මමත් ඔය තත්ත්වෙට මුහුණ දුන්න. නමුත් නාරාහේන්පිට ලේ බැංකුවෙ දි ඒ ගැටලුව මතුවුනේ නෑ.... මම හිතන්නෙ ලේ ලබාගැන්මේ පහසුව පිණිස සකස් කළ විශේෂ අසුන නිසා වෙන්න පුළුවන්.. මොකද ඒ ආසනය ශරීරයේ ද්‍රව ප්‍රමාණය සමබර ‍කරන ලෙස සකස් වෙලා තියෙන හන්දා.

කටිටිය බය වුනාද දන්න නෑ නේද, ‍කරකැවිල්ල, කලන්තය එනව කීවම... එහෙම බයක් තියෙන අයට නාරාහේන්පිට තමයි රුධිරය දන්දෙන්න කියාපු තැන..