Monday, 1 December 2008

අමාවක

සාංකාව සිත උතුරා
වාන් දමන විට
හීන් පොදට පෙති ලෙහෙනා
මල් කැකුලක් ලෙස
හඬ නොනගා බිදී වැටෙයි
හදාගත්තු හිත

ළඟ ඉන්නට
කණාමැදිරි එළිවත් නැතිකොට
දෑස් ඇරන් මං ඉන්නේ
සසර පුරුද්දට
අමාවකට මල්වර වුණු
කුමුදු කැකුලකට
සදබිඳුවක් ඇහැ ගැහෙන්න
ඉඩක් තියෙනවද

ළගින් හිටිය හෙවනැල්ලත්
ඈතට යනකොට
දුරින් තියෙන තනි තරුවට
පෙනේද මගෙ දුක

2 comments:

nidhahasa said...

අකුණු වලට අපේ අදහස් නවත්තන් බැ නෙ. :) . තරහ නැතුව word verification අයින් කරන්න බැරිද?

අමල් ඉෂාන්ත said...

ළගින් හිටිය හෙවනැල්ලත්
ඈතට යනකොට
දුරින් තියෙන තනි තරුවට
පෙනේද මගෙ දුක

හ්ම්...