Thursday 9 January 2014

අපිට ඇස් කන් තියනවා ද?


අදත් ලිහිණිට ඔබට කියන්න කතාවක් තියෙනවා. මේ කතාව මට කිව්වෙ අම්මා කෙනෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කුලුණුබර හදවතක් තියෙන අත්තම්මා කෙනෙක් වූ මේ අම්මා ජීවත් වුණෙ නුගේගොඩ පේන නොපෙනෙන දුරක. ඇගේ අසල්වැසියො වුනේ සිංහල දෙමළ මුස්ලිම් ප්‍රජාව. මේ හැමදෙනා එකිනෙකාගේ දුකසැප සොයාබලමින් ජීවත් වුණු නිසාම එකිනෙකා අතර සමීප සම්බන්ධකමක් තියෙනවා.

ලාලනි විජේසිංහ ජීවත් වුණෙ මට මේ කතාව කියපු අම්මගෙ නිවස ආසන්නයේමයි. ලාලනී දන්න දවස්වල ඉදලම ටිකක් සැරවැර කාන්තාවක්. ඇයට හිටියෙ එකම එක දියණියක් විතරයි. මේ අම්ම දුවව හැදුවෙත් තමන්ගෙ ආණ්ඩුමට්ටුවෙ තියාගෙනම තමයි. මේ අම්මයි දුවයි අතර හැමදාමත් ගැටුම් තිබුණා. අහල පහල අයට මේ තත්ත්වය ඉතාම සාමාන් දෙයක් වෙලා තිබුණා. වුණත් ලාලනී තමන්ගෙන් දරුවට වෙන්න තියෙන යුතුකම්, වගකීම් හොඳින් ඉටු කළා. කන්න අදින්න දීලා පාසල් යවලා ඉගැන්නුවා. අම්මලා තාත්තලා දරුවන්ව මහපාරේ, දුම්රියනැවතුමේ, බස් නැවතුමේ දාලා යන රටක්නෙ දැන් සිරිලංකාව කියන්නෙ.

කොහොම වුණත් කාලයක් යද්දි ලාලනී ගේ දුව ඉගෙන ගෙන ඉවරවෙලා සෞඛ් කේෂත්රයේ රැකියාවක් හොයා ගත්තා. පාර්ලිමේන්තුව ආසන්නයේ තියෙන රජයේ රෝහලක කාර්යාලයීය සේවිකාවක් විදියට. ලාලනීයි මහත්තයයි එකතුවෙලා දුව කසාද බන්දලා දුන්නා. විතරක් නෙමෙයි තමන්ටයි කියල තියෙන සබ්බ සකලමනාවම ප්රාණභූක්තිය තියාගෙන දුවට ලියා දුන්නා. කාලයත් එක්ක දියණියටත් දියණියක් උපන්නා. ඇයටත් දැන් අවුරුදු දාසයක් දාහතක් විතර. කාලෙකට කලින් ලාලනිගෙ මහත්තයා මිය ගියා. දැන් ලාලනී ජීවත්වෙන්නෙ තමන්ගෙම දියණියත් එක්ක.

මේ කතාවෙ වැදගත්ම කොටස එළ­‍ෙඹන්නෙ දැන්, තාත්තත් මියගියාට පස්සෙ, ලාලනිගෙ දුවට අම්මව තමන්ගෙ අණසක යටතට ගන්න වුවමනා වුණා. ඇත්තම කියනවා නම් ලාලනීට අම්මව දැන් කරදරයක්. මිනිබිරීටත් ආච්චි අම්මව හෝන්තුවක්. මේ හැමදේම නිසා ලාලනීව වදයක් කරගත්ත දුව ඇයව රෝහල් ගතකරා. අහල පහල කීපදෙනෙක් ඇය බලන්න රෝහලට ගියා. ගෙවුණු පෙබරවාරී මාසෙ දවසක්. තමන්ගෙ අසල්වැසියන්ව දැකලා හඬා වැටුණු ලාලනී රෝහල් ෙවෙද් වාර්තාවක් ඔවුන්ට පෙන්නුවා. වාර්තාවේ ලියවිලා තිබුණෙ ලාලනීට මානසික රෝගයක් නොමැති බවයි. ලාලනී ආපහු ගෙදර ආවා. දුව ලාලනීට විරුද්ධව පොලිසී ගියා. ්‍රා සේවකට පැමිණිලි කළා. ඒත් කිසිම දෙයකින් තමන්ගෙ අරමුණ ඉටුකරගන්න ලාලනීගේ දුවට බැරිවුණා.

ඒත් දැන් තත්ත්වය වෙනස්. දෙසැම්බර් මාසේ මුල සතියෙ දවසක ලාලනීගේ ගෙදරට ආපු දුව සේවය කරන රෝහලේ ගිලන් රියකින් ලාලනී ආයෙ රෝහල් ගත කරන්න රැගෙන ගිහින්. ආරංචි විදියට දැන් ඇය මානසික සෞඛ් විද්යායතනයෙ නවත්තලා. මේ කතාව අපිට කියලා ලාලනී වෙනුවෙන් උදව්කරන්න කියලා අපෙන් ඉල්ලා හිටිය යෙහෙළියට අනුව අපි ලාලනීට උදවු කරන්න උත්සාහ කළා.

එකසිය දහනවයට කතා කළා. කාන්තා කාර්යංශයට කතාකළා. කාන්තාවන් වෙනුවෙන් පිහිට වෙන්න තියෙන හොට්ලයින් නම්බර් එකට කතා කළා. හැමදෙනාම 'හරි. අපි ගැන හොයා බලන්නනම්' කීවා. ඒත් තාමත් ගැන ප්‍රතිචාරයක් නෑ. මේ වගේ දෙයක් ගැන ක්රියාත්මක වෙන්න සති ගාණක් යනවා නම් හදිසියේ පිහිටක් අවශ් වෙන කෙනකුට අවශ් සේවය ලබාගන්න පොරොත්තු ලේඛනයේ ඉන්න වෙයි කියලත් හිතෙනවා. ඒත් සමහර විට මේ සටහන පත්තරේ පළවෙනකොට ලාලනීට සාධාරණයක් වෙලා තියේවි.

ලාලනීගේ කතාව අපි දන්න අඳුනන අනිත් අය එක්ක බෙදාගනිද්දි ලැබුණු ප්‍රතිචාරත් එකිනෙකට වෙනස්. ‘‘අම්ම තාත්තගේ බූදලේ වෙනුවෙන් මිනී මරාගන්න රටක මේ වගේ දේවල් හරිම සාමාන්‍යයයයි. ඔච්චර ගැන හිතන්න එපා’’ කියල එක් කෙනෙක් කීවා. ‘‘ඇයි ඔයාලා කවුරු හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ සමාජසේවා නිලධාරිණිට මේ ගැන පැමිණිලි කරන්නෙ නැත්තේ. වැඩිහිටි පුද්ගයන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් දැන් වැඩිහිටි ප්‍රඥප්තිය සකස් කරලා තියෙන්නෙ එතනට යන්න. අය උදවු කරාවි’’ කියලා තවත් කෙනෙක් කීවා. ‘‘දරුවො ලොකු මහක්වෙනකොට දරුවන්ගෙ ලෝකෙ අම්මල තාත්තලට ඉඩක් නෑ. එහෙම බලාපොරොත්තු වෙන්නත් නරකයි. හොඳම දේ තමයි තමන්ට නැති බැරි වෙනකොට අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතිව හොඳ හිත තියාගෙන ඉන්න පුළුවන් ආර්ථිකයක් හදාගන්න එක. එතකොට මහලු නිවාසෙකට ගිහින් හරි ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන්’’තවත් එක්කෙනෙක් එහෙම කීවා.

මේ හැමදේම අතරෙ අනිත් මිනිස්සු වෙනුවෙන් හඬා වැටෙන, අනිත් මිනිසුන් වෙනුවෙන් ජීවිතේ යදින, අයගේ සතූට ප්‍රාර්ථනා කරන නිහඬ මනුෂ්‍යයින් පිරිසක් තාමත් අපි අතර ජීවත්වෙනවා නේද කියන හිතිවිල්ල හිතට සතුටක් ගෙනාවා.

එත් මම ඔබෙන් අහන්න ඕන. හිතන්න මදක් අපි තාමත් ඇස් කන් තියෙන මිනිස්සු කියලා?.



No comments: