Monday 12 January 2009

හඩනු පෙම්බර දේශය

හවස දුරතතනය දිගේ ඇවිත් හදවතේ පතුලම කොනිත්තපු ටිමිරාන්ගෙ බිදුන කටහඩ තාමත් ඇහෙනව. " ඒ කවිය මම ලිවිවෙ මගෙ යාලුව වෙනුවෙන්. සුනෙතුයි මමයි එක ගාමන්ටි පැක්ටරියෙ වැඩකලා. එයා පුත්තලමෙ. සුනෙත් ආමි එකට ගියාට පස්සෙ තොරතුරක් නැති නිසා ළගදි දවසක මම එයාගේ අක්කට එස් එම් එස් එකක් යැව්ව. සුනෙත්ගෙ ‍‍පෝන් නොම්බරේ ඉල්ලල. එදා රැ සුනෙත් ගෙ අක්ක මට උත්තර ලියල තිබ්බ. මල්ලි නැතිවුණා. මිනිය ගන්නෙ හෙට කියල. තාමත් ඒ එස් එමිඑස් එක මගේ පෝන් එකේ තියෙනව." අවසානෙට ටිමිරාන් මට එහෙම කිවිව. මේ ටිමිරාන් සුනෙත් ට ලිවිව කව.

හඩනු පෙම්බර දේශය

මේ කතාවේ වීරයාගේ
ලේ පැල්ලම් තැවරුනේ
පිට පැත්තේය
මේ කවිය
සියලු දන
"රස නොවිද"
විදගත යුතුව ඇත්තේ
ඒ නිසාය.................
පාලම් ඇන්ද මත සිට
ජිවිතේ ගැන හීන තේරුව
අලුත් හීනෙකට වී
පාලමෙන් එතෙරවුණු
වීරයා මියගිය කතාවේ
පාලම් ඇන්ද පාලුය..................

ඔහු මගේ
සොඳුරුතම මිතුරාය
කෙලවරක් නැති හීනවල
නිමවුම් කරුවාය
ශෝක රස ලා ලියන
සමරු කවියක යළි නොඑන
නිමිතිකරුවාය..............

පෙම්බැන්ද දෙරණට
ඇණ ගැසූ දින හදවත
හීනයක මළගම
ඔහු නොලී කවි තුළින්
මට හමුවිය

තරු පටි මකරන්ද යට
ඔප කලත් මරනය
ජීවිතය උදෙසාම
කළ සටනක
සිහින් කෙදිරුම
ඇසෙන්නේ
"යුද්ධයට වෙඩි තියන"
මිනිසුන්ට පමණය...................

කවිපද තුළින් වුව
සෙල්වෙඩි රිංගලා යන
මල් වෙඩි ගොලුවෙලා යන
තැන තැන සුසුම්ලන,
හඩනු පෙම්බර දේශය
පිරිමි පුතුනගෙ
ලෙයින් හේදෙන

ටිම්රාන් කීර්ති

මේ මොහොතේ ලසන්ත මිය ගිහින්. නාදුනන වෙඩික්කරැවෙක් අතින්. හෙට කුමක් විය හැකිද? මරණය කා සොයා පැමිණෙනු ඇත්ද? සැබෑවයි මාටින් නිමොලර් පියතුමා පැවසු පරිදි ගොලුවූ සමාජයක බිහිරන් ගේ ඉරණම ගැන කවර කතාද? තවත් එක් ජර්මණියක්, ගසා තීරයක් ඉරාකයක්, වියටිනාමයක් ?????

4 comments:

Kasun said...

වේදනාකාරී වුනත් අද අපට හිමිව ඇත්තේ මෙවන් දුක්ඛිත යථාර්තයක්. මොනව ලියන්නදල කල යුත්‍තේ මොකක්ද මේ කිසි දෙයක් හිතාගන්න බැහැ.

malee_msg said...

හඩනු මැන කිව්වට මේ දේශයට අඩන්න තව කදුළු ඉතිරි ද කියලා මට නම් සැකයි!

Manoj colambage said...

මෙය අද අපේ රටේ බොහෝ දෙනා මුහුණ දෙන තත්වයක් ,
ඒත් අපි වෙනුවෙන් මියැදෙන ඔව්න්ට සාධාරණයක් ඉටු වේද?

Anonymous said...

මේක හරි සංවේදී කවි පෙලක්. මේ වගේ තවත් කවි පෙලක් ලැබුනා. ඒක තවත් තැන්වල පල වෙලා තිබුනා. මම ත් ඒක සටහන් කරල තිබ්බා
බලන්න