Thursday 5 February 2009

වචන


වචන කියන්නෙ, බොහෝ දේ කියන, ඒවගේම බොහෝ දේ නොකියන අකුරු, සමහර වෙලාවට මේ අකුරු හුගක් දුර්වලයි. තවත් සමහරවෙලාවට ඒව හරි ශක්තිමත්, කොන්කී‍්‍රට් වලටත් වැඩිය. අනිත් එක ඒව එළියට දැම්මට පස්සෙ ආයේ ඇදල ගන්නත් බෑ. කතාවට කියන්නෙ පනින්න පෙර හිතා බලන්න කියල. ඒ වගේම තමයි කියන්න කලිනුත් හිතා බලන්න ඕනි.

මොකද වචනවලට ඝාතන කරන්න පුළුවන් හින්ද. හුගක් දෙනෙක් චරිත ඝාතනය කරන්නෙ අකුරුවලින් වචන මුවහත් කරගෙන. ඔබ අහල තියෙනවද එක රාජනියෝගයක් ගැන. එහි තිබිල තියෙන්නෙ අණක්, මරණිය දඩුවමක් පිළිබඳව රාජඥාවක්. එහි සිංහල අදහස වන්නෙ, මරන්න එපා. නිදහස් කරන්න යනුවෙන්. නමුත් අවසාන මොහොත තුළ පෝරකය අභියස එය කියවා ඇත්තේ, මරන්න, එපා නිදහස් කරන්න කියල. ඒ අනුව වචන අතරෙ තිබුණු කොමාව හැලිල නිදහස මරණයෙන් කෙලවර වුණා. ඉතින් වචන කියන්නෙ දෙපැත්ත කැපෙන ආයුධ. බොහොම පරිස්සමන් අන්අයටත් තමාටත් හානියක් නොවෙන තැනට පාවිචිකළයුතු දේවල්.

තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි අපි ගණුදෙනු කරන අය එක්ක තියෙන දැන හදුනා ගැනීම. අපි හැම මොහොතෙම ජීවත්වෙන්නෙ කිසියම් ගණුදෙනුවක් එක්ක. පවුලෙ අය වේවා, හිත මිතුරන් වේවා. ඒ හැම දෙනා එක්කම තියෙන ගණුදෙනුව සන්නිවේදනය හරහා ප‍්‍රක්ශේපණය වෙනවා. ඒ මෙවලම තමයි භාෂාව.

දෙවැනි කාරනේ අපි කා එක්කද ගනුදෙණු කරන්නෙ කියන එක. ඒ වගේම මොන වගේ ගනුදෙනුවක්ද සිදුවෙන්නෙ කියන එක. මේ සම්බන්ධව මම දන්න එක් සිදුවීමක් තිබෙනවා. විදේශ රටක උසස් අධ්‍යාපනය හදාරන සොහොයුරියකට ඇමතූ මිතුරෙක් ඇයට කියලා තිබුණා මහන්සිවෙලා පාඩම් කරලා උසස් ප‍්‍රතිඵල අරගන්න කියලා. මොකද ඒ ප‍්‍රථිඵල අනුව සමහර අවස්ථාවලදී දුෂ්කර සේවය සඳහා යාමට ඉඩ ඇති බවයි. එයින් ඔහු අදහස් කරේ සේවා කාලය තුළ දුෂ්කර සේවයෙන් නොයෙදිය යුතු බව නෙමෙයි. ඇය අදක්‍ෂ බවට අදහසකුත් නෙමෙයි. ඇත්තටම ඔහු පවසා තිබුණේ තමන්ගේ කුඩා නැගණියට සෙනෙහසින් කරන ආයාචනයක්. ඇගේ යහපත අපේක්‍ෂාවෙන් ඔහු පැවසු ඒ වදන් ඇය භාරගෙන තිබුණේ තරමක් වෙනස් විදියකට. ඒය කිසියම් සමච්චලයක ස්වරූපයකට ඇය භාර අරන් තිබුණා. ඉතින් මේ අනුව කියන්න තියෙන්නේ අපි කතා කිරීමේදී කතා කරන්නේ මොනවද කතා කරන්නේ කාත් එක්කද මොන පදනමක් අනුව ද කියන තැන ඉදලා කතා බහා කරන්න ඕනේ කියලා.

මොකද අපි කටින් වචන එළියට දැම්මට පස්සේ ඒ වචනවලට අරුත් දනවන්නේ එයට සවන් දෙන අය. බොහෝවිට සිහිනෙන් හෝ අපේක්‍ෂා නොකළ ප‍්‍රතිචාර අපේ වචන හරහා අනෙක් අයට සංනිවේදනය විය හැකියි. ඉතින් හිතන්න කියන්න පෙරත් දෙතුන්වරක්වත් හිතන්න.

6 comments:

Buru Babe said...

මේක නම් සහතික ඇත්ත. අපි අනිත් අය වෙනුවෙන් ආදරේට කියන ඒව බොහෝ අය හිතන්නෙ එයාලව අවතක්සේරු කලා කියලනේ.

හරිම සතුටුයි අලුත් දේවල් කියවන්න ලැබෙන එක ගැන ලිහිනි.

Buru Babe said...

Yeah i did it.... give me five.
hurrraaaayyyyy

Anonymous said...

මේ වචන හරඹ නිසා වාසි වලට වඩා අවාසි උන ගාන වැඩියි. විශේෂයෙන් මූඩ් එක හරි නැති වෙලාවක හොඳක් කිව්වත් නරකට හිටින වෙලාවල් තියෙනවා.

(ෆොන්ට් කලර් එක මාරුකරන්න. පාට ටිකක් සැර වැඩියි )

Anandawardhana said...

බොහොම බලවත් සහ අගනා සටහනක්.

Kasun said...

true.

Unknown said...

බෙ‍දා ගැනිමේ සතුට ප්‍රකාශකරපු හැමෝටම ස්තුතියි. ඒ වගේම රංගි, ඔයාට පහට දහයක් එන්න සිංහ‍ල කියවන්න විතරක් නෙවෙයි,ලියන්නත්.