Monday, 14 January 2013

සද එළිය බිදුවක්ය ආදරේ



ගැ
ඉරිතැළුනු බිම් කඩක්
සෙනෙහසින් තෙත් කරන
මල් කිනිති පුබුදුවන
හැමදාම, හැමදාම, හැමදාම මල් පිපෙන
සදාකල් වසන්තය
මේ තරම් ළංවුනේ කවදාද ?

පි
සද එළිය බිදුවක්ය ආදරේ
මුදු සුවද පවනක්ය ජීවිතේ

ගැ
පිණි කැටිති සීතලට
තුරුළුවෙයි පත් අඟට
සිනාසෙයි කිරිල්ලක්
පෙම්බරාගේ හඬට
සදාකල් වසන්තය
මේ තරම් පමාවූයේ ඇයි ද ?

පි
අවාරෙට මල් පිපෙන
නමාගෙන අතු නැමෙන
අරුමයන් දකිනවිට
හැමදාම පිබිදෙනා
මල්යාය දකින්නට
මේ තරම් පමාවූයේ ඇයි ද ?

ගැ
සද එළිය බිදුවක්ය ආදරේ
මුදු සුවද පවනක්ය ජීවිතේ

පි
දෝරේ ගලායන රන් අරුණැල්ලට
වියන් බැදෙනවලූ නිල් ගුවනේ

ගැ
වළා වියන වී උණුසුම් වෙන්නම්
ඒ රන් අරුණළු රුස් දහරේ

2 comments:

Naleen Dilruksha said...

//මුදු සුවද පවනක්ය ජීවිතේ// ඇත්තම ද මේ...

Gayani Wedage said...

ඇත්තටම සෑම හදවතක්ම මේ වගේ පිරිසිදු නම්?

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)