Tuesday 28 July 2009

ජාතියකට මුඛවාඩම් බැදීම....

ස්වාධින රූපවාහිනි උදැසන ප්‍රවෘත්ති http://www.divshare.com/download/8012760-4d9

14 .1 අ වගන්තියට අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන්වන පරිදි ශ්‍රී ලාංකික සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට හා ප්‍රකාශය ඇතුළු අදහස් පලකිරීමේ නිදහ‍ට හිමිකම් ඇත්තේය.,

නිදහස් නිවහල් දේශයක සංස්කෘතික පොලීසියක අභිමානය සමරන්නට ඔබත් එක්වෙන්න, ලොව විශාලම ළදරු කැබිනෙට්ටුව සහිත රාජ්‍යවිමේ අනාගත ගිනස් වාර්තාවන් පිහිටුවන්න ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයට සහයෝගය ලබාදෙන්න.

මූලික සුදුසුකම් -සෑම වැඩිහිටියෙක්ම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සදාකාලික ළමාවියක් ගෙවිය යුතුයි.

වැඩිහිටියෙකු වීම, වැඩිහිටි අදහස් දැරිම,වැඩිහිටියෙකු ලෙස භාෂණයේ හා අදහස් ප්‍රකාශකිරී‍මේ යෙදීම උක්ත ගිනස් වාර්තාව හඹායෑමේ විශාලම බාධාවයි. ප්‍රවේසම් වන්න, සදාදරණිය දේශප්‍රේමියෙකු වන්න,

4 comments:

Narada said...

මටමට තේරුණා වගේ අක්කේ?

Chrishi said...

ඔන්න එහනම් මම දේශද්‍රෝහි හරිද ?

ගෝමස් said...

වැඩේ තියෙන්නේ කාටවත් තමන් ඇන්දිලා කියලා තේරෙන්නේ නැති එකනෙ

මිගාර said...

හැමෝටම ඕනෙ තමන්ගෙ නිදහස විතරයි. ඒ නිදහස ලබා ගන්න අනෙකාට මොනවා උණත් කමක් නැහැ. වාරණය ගැනත් කතාව ඕකයි. තමන්ට පිච්චෑර් එක ආතල් නං, ඒකෙන් රටට හෙණ ගහලා ගියත් කමක් නැහැ. මේක නොතේරෙන උන්දලා තමා හැම මගුලටම වල් බූරු නිදහසක් ඉල්ලන්නෙ