Wednesday, 21 November 2012

කළපු ගමන









  
කළපු ගමන

උදේ රැයින් අම්පාරෙන් පිටත් වූ අපට උදෑසන අට වනවිට පානමට පැමිණීමට හැකිවිණි. අප පැමිණෙන විටත් එහි ධීවර සමිතිය අප කළපුව වෙත රැගෙන යාමට අවශ්‍ය බෝට්ටුව සූදානම් කර තිබිණි. පානම ලලිතක්කා අප සමඟ බෝට්ටු සංචාරයට එක්වූ අතර කළපුව පුරා පැතිරුණ කිරල සහ මහ කඩොල් ගසින් සෙවැණි උමං මග දිගේ අප මෝය කට දෙසට යාත්‍රා කළෙමු.
දිගු පාදවලින් බොරු කකුල්කාරයන් සේ නැගී සිටින කඩොලාන ප්‍රජාව අතරින් යාත්‍රා කරන අතර තුර අප නෙත ගැටුණු හබල් ඔරුවකි. කුඩා පවුලක් හා හට්ටි මුට්ටි රාශියක් ද වතුර බෝතල කිහිපයක් ද එහි තිබිණි. මාමා මෝය දිහාද යන්නෙ, අද අපි කළපු යනවාඔරුවේ සිටි පොඩිත්තෙක් අපේ ගමන් සගයා ඇමතූ අතර, “මේ පෝයදා මොක කළපු ගමන්ද? ඔහු පෙරළා විමසන අතර තුරම අපට අතවනමින් ආචාර සමාචාර කරගනිමින් ඔවුහු වෙනතක ඇදී ගියහ. එයාල හේන් කරන කට්ටිය’’ දැයි මම ලලිතක්කාගෙන් විමසා සිටියෙමි. නෑ අද ඒ අයගෙ කළපු ගමන’’ ලලිතක්කා මට උත්තර බැන්දේ මා තුළ තවත් ප්‍රශ්න කීපයක් ඉතිරි කරමිනි.
කළපු ගමන ඒ මොකක් ද ඒ මම පෙරළා ලලිතක්කාගෙන් විමසා සිටියෙමි.අපේ ගමේ හැම පවුලක්ම වගේ අවුරුද්දෙ එක දවසක් දරුවොත් එක්ක කළපුවෙ යනවා. ගොවි ගෙවල්වල කට්ටියට ඔරුවක් නැත්නම් කාගෙන් හරි ඔරුවක් ඉල්ල ගන්නවා. හාල් ටිකක් පොල් ගෙඩියක් අරගෙන ගිහිල්ලා බත් උයළ නාලා කාලා විනෝද වෙලා එනව. ඔය හේන් කනත්තකින් පැණි කොමඩු කාලා, එහෙම තමයි එන්නෙහේන්වල කනතුත් තියෙනවාදැයි බෝට්ටුවෙන් හඬක් නැඟිණි. ‘'නෑ නෑ හේනක අස්වැන්න ගත්තට පස්සෙ කාලයක් ඒක පාළුවට අරිනවා. හේන් කනත්ත කියන්නෙ ඒකයි? ලලිතක්කා කරුණු පැහැදිලි කළා ය.
ආ... පොඩි පික්නික් එකක්... ඉතින් අපිත් යමුකො පොඩි ජොලියක් දාල එන්න..සංජීව පැවසී ය ඔයාල ඉතිං පානම එන්නෙ මේ වගේ වැඩකට, කරදාසි ළිපේ දාලා. එහෙම නෙවෙයි දවසක් දෙකක් අපි එක්ක ඉදල තියෙන විදියට කාල බීල ඉදල යන්න එන්නලලිතක්කා ආරාධනා කළේ හැබෑ ළෙන්ගතුකමකිනි.
අම්පාර දිස්ත්‍රික්යේ ඈත කෙළවරක පුරාණ ගම්මානයක ජන ජීවිතය ආදරෙන් වැලඳ ගැනීමට අපට ඉඩක් නැති හැටි යැයි මට නැවත වරක් සිතුණි. ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවලට වඩා පානම අතිවිශේෂ ගම්මානයකි. මහනුවර යුගයේ වෙල්ලස්ස කැරැල්ල මෙහෙයවා පලාගිය රණවිරුවන්ට සෙවණ දුන් ගම් පියස පානමයි. සිංහල දෙමළ ජනී ජනයා ආවාහ විවාහ වෙමින් බොහෝ අපූරුවට එහි ජීවත්වෙයි. ජීවනෝපාය මාර්ග දෙකකි. කොටසක් හේන් කුඹුරු ආදියේ නිරත වන විට අනෙක් පිරිස ධීවර රැකියාවේ යෙදේ.
කැලේ තැනින් තැන ස්ථාන ගත කරන ලද ගව ගාල් රාශියකි. බොහෝ නිවෙස්වල උදෑසන ආහාරය එළ කිරෙන් පෝෂිත ය. පානම ජන වහරද ඔවුනට විශේෂ වූ යෙදුම්වලින් පොහොසත් වූවකි. අප කිසියම් වෙනස් කමක් විපරියාසයක් ලෙස දකිද්දී ඔවුන් වැඩකට නැති දේ විපරියාසයක් ලෙස හදුන්වයි. එක පවුලේ දරුවන් අතර උක්කු අම්මලා, රාසම්මලා, සිරිවර්ධනලා සෙල්වන් ලා සිටී. සමාජ සහජිවනය අමුතුවෙන් වගා කිරීමට උත්සාහ කිරීම ඔවුනට කරන අසාධාරණයකි.
එහි වැසියෝ පෝය දින ධීවර රැකියාවට නොයති. ගොවීයෝ සිය ගාලේ ළමා වසුපැටියන් කූඩු නොකර අම්මාගේ තනයෙන් ඇති තරම් කිරි උරා බීමට ඉඩ හරිති. නිවෙස්වල ළමා ළපටි සිය සගයන් සමග වෙල් දෙණිවල එල්ලේ ක්‍රීඩා කරමින් ගුඩු පනිමින්, ඇළ දොළ ජඹු ගසමින් ළමා වියේ මිහිර සිත්සේ විඳිති.
'ආන්න මෝය කට' පිරිසේ කෑ කෝ ගැසීමත් සමඟම මම නැවත පියවි ලෝකයට පැමිණියෙමි. කඩොල් කැලේ අතරින් ඉවුරට සේන්දූ වන බෝට්ටුව ඉදිරියේ මනරම් දසුනකි. අහස උසට නොවුණත් සයුර සිප වැලඳ ගන්නා ගංගාව සඟවා ගනිමින් නැඟී සිටින ගල්පර ගොන්නකි. ඈත කළපු ඉවුරේ ළිප්ගල් තුනෙක ඉදෙන බතක සුවඳත් දැනේ. කුඩාවුන් කළපු දියේ කිරල එකතු කරයි. අහස විවිධ වර්ණයෙන් මනරම් සිතුවම් අඳියි.

4 comments:

රතී, said...

ඇයි අප්පා මට මේ සයිට් එක මිස් වෙලා තිබුණේ . මොනව උනත් දැන් නම් දිගටම එනවා.

තීර්ථ යාත්‍රිකයා said...

බොහොම අපූරුයි. ආසාවෙන් රසවින්දා.. ලිෂ් විෂ් ගේ ලින්ක් එකක් හරහා ෆේස්බුක් පැත්තෙ ඉඳලයි ආවේ.මම සයිට් එක බුක්මාක් කරගත්තා..ජය....

ලිහිණි said...

ආවට තුති. ඉඩ තියෙන වෙලොවක ආයෙත් ඇවිත් යන්න එන්න. මේ සටහන් යන එන විදින අය වෙනුවෙනුයි ලියවෙන්නෙ

Il mondo di una povera pazza said...

@සන්ජි,
මේ දවස් වල කියවීමේ පිපාසයෙන් හිටියට ද අටට එහා කියලා ලේබල් කරපු ගමේ ගොඩේ මිනිසුන් වත් කතා නොකරන පහත් භාශාවක් හොයාගෙන වල්පල් ලියනවා සින්හල බ්ලොගර්ස්ලා. ඉතින් කියවීම එපා වෙලා වමනෙට යන්න ලංවෙලා.
ඔයාලා ලියන්න ඕනේ කියලා මා නම් කියන්නේ ඒකයි. මේ පෝස්ට් එකක් කියෙව්වම දැනෙන හැඟීම දැනුම අපේ කම කොයි තරම්ද? වින්දනය කියන්නේ මොකක්ද කියලා ටොකු අනින්න පුළුවන් ඔයාලා මෙහෙම නිහඬ වෙනවාට මා අකැමැතිමත් ඒකයි.