Wednesday, 4 December 2013

කල්පණීගේ කල්පනා




අහසෙ තියෙන්න තරු ගනින්න යන්නද අම්මේ
හදහාමිගෙ රුව දකින්න යන්නද අම්මේ
වළාකුලේ පාවෙන්ට යන්නද අම්මේ
ඉගිල්ලිලා අහස දෙසට යන්නද අම්මේ //

තරුකැට ටික ටික අමුණා ඔබ හිස පලදන්නම්
වළාකුලේ කෑලි අරන් තෝඩු හදන්නම්
තෝඩු දෙකක කනට දමා හැඩද බලන්නම්// 

අහසෙ තියන තරු මට නම් හරිම ලස්සනයි
හදහාමිගෙ රුවත් ඒ වගෙම ලස්සනයි
වළාකුලක් අනේ අම්මෙ හරිම ලස්සනයි
අම්මාගේ මුහුණත් මට හරිම ලස්සනයි.

අහසෙ තියන තරු ගනින්න.....

මේ සොඳුරු පදවැලේ හිමිකාරීණි ඞී .ජී. දිනූෂී කල්පණී. ඇය මට හමුවුනේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගල්තලාව ගමේ ඇගේ නිවසසේදීයි. අබාධ සහිත කාන්තාවන් ගේ සංගමයෙන් දියත් කෙරුණු   උතුරු මැද හා නැගෙනහිර පලාතේ අබාධිත කාන්තාවක් විසිපස්දෙනෙක්ගේ ජීවිත කතා ඇතුළත් කෘතියකට කල්පණිගේ ජීවිත  කතාවත් ඇතුළත් වුණා. 

උපතින් ඇතිවූ ස්නායු අබාධිත තත්ත්වයක් නිසා අනෙක් අයගේ උදව් උපකාර නැතිව දෙපයින් ඇවිදගත නොහැකි වුවත්, දිනුෂි කල්පණී එවැනිම අනෙක් ආබාධ සහිත තරුණ තරුණියන්ට අභියෝගයක් වෙමින් දෙපයින් නැගී සිටීමට,  මට හමුවන විටත් උත්සාහ දරමින් සිටියා. සිය නිවසටම පැමිණන රෝද පුටු පරිත්‍යාග ශීලීන්ට කල්පණී පැවසුවේ ඇයට  රෝද පුටුවකට  සීමාවූ ජීවිතයකින් ප‍්‍රයෝජනයක්  නැති බවයි.

ශාරීරික අබාධ සහිත බව ජීවිතයට ගැටලුවක් වුණත් සහජ දක්ෂතා රාශියක් ඇත්තියක ලෙස මම ඇය හදුනා ගත්තා. ගී පද රචනයට වගේම ගීත ගායනයටත් කල්පණී උපන් හැකියාවක් දැක්වූවා. සිය දෙමව්පියන් හැරුනවිට  ඇය වඩාත් ආදරයට කරන්නේ සංගීත විෂයට වුනත් ඇගේ පාසලේ සංගීත විෂය ඉගෙනීම පහසුකම් තිබුනෙ නෑ. 

කල්පණී තම ජීවිතයේ ලැබූ විශාලම භාග්‍යය ලෙස සලකන්නේ නිමල් චන්ද්‍රටසිරි සහ ඞී. ජී මාලනී  දෙමව්පියන් ගේ නිම්මා නැති සෙනෙහසයි.  පවුලේ එකම දරුවා වෙනුවෙන් ඇපකැපවූ ඔවුන් සිය දියනියගේ අනාගත අභීවෘර්ධිය පිණිස ඇයට අවශ්‍ය සියළුම වුවමණා එපාකම් ඉටුකරන්නට හදවතින්ම බැදී සිටියා.  1991 වසරේ සැප්තැම්බර් 07 වනදා ඇය ඉපදුන දින සිට අද දක්වාම ඇගේ සියලූ  ඕනෑ එපාකම් සපුරාලමින් අදටත් ඇගේ සෙවනැල්ල සේ ඔවුන් නැගී සිටිනවා.

කල්පණී ගැන රටට කියන්න ආසන්න හේතුව මේ කිසිවක් නෙවෙයි. පසුගිය දවසක කොළඹ  බ්‍රිතාන්‍ය විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී වේදිකා ගතවුණු  “Eternal Returnz  එහෙමත් නැත්නම්  “ අවසන්වී නොවී දැල්වී, නිවී දැල්වෙන අලෝකය හෙවත් මට අනුව එය “සදාකාලික පුනරාගමනයක්”,  කල්පණී සහ පිරිස විසින්  වේදිකාවේ නීරූපණය කළා.  නර්තන ශිල්පිල නාට්‍යය අධ්‍යක්ෂක මහේෂ් උමගිලිය ගේ  “විරංගා කලායතනන යේ ඉදිරිපත්කිරීමක් වූ   එම වේදිකා නාට්‍ය යේ සුවිශේෂිතම  චරිතය නිරූපණය  කළේ අරලගංවිල  සිටි  පැමිණි කල්පණී.  නාට්‍ය අවසාන ජවනිකාවේ උච්චතම අවස්ථාවේදී දීප්තිමත් රතුරෝස මල් කළඹක් රැගෙන පැමිණී කල්පණී බොහෝ දුර ගමනක් යාමට පැමිණි අනෙකුත් ගමන් සගයන් කරා පැමිණ තම අතැති මල් කළඹින් එක් මල බැගින් පිරිනමා ඔවුන් සිහිසුන් කරමින් තමන්ට වඩාත් ගැලපෙන ස්ථානය සොයා ගැනීමට වෙහෙසුනා. අවසන ඇය  සිය අතැති අවසාන රතුරෝස මල පේක්ෂකාගාරයට දිගුකලා. 

අබාධිත බව කොන්කිරිමකට මිස පිළිගැනීමකට ලක් නොවක සමාජයකල  අබාධිතයින් කිසියම් වු දිනක තමන් වෙනුවෙන් අරගල කිරිමට ඇති ඉඩත්, ඒ වෙනුවෙන් ඔවුනට ඇති හිමිකමත්  ප්‍රේක්ෂක අප ඉදිරියේ දිගහැරූ මහේෂ් උමගිලිය නාට්‍ය  අවසානයේ ප්‍රේක්ෂකයින්ට පැවසුවේ අබාධිත පුද්ගලයින් විසින් ඉල්ලා සිටිනු ලබන රතුරෝස මලකින් සංකේතවත් වන ආදරය කරුණාව දයාව සහ පිළිගැනීම ඔවුනට ලබාදීමට, ඔවුන්ගේ ආදරය  අපි විසින් පිළිගැනීමට, අප කොතෙක් දුරට සූදානම් දැයි තමන්ගෙන්ම විමසිය යුතු කාලය එළඹ ඇති බවයි.

ශාරීරික ආබාධිත කල්පණි සමග එම නාට්‍යට එක්වූ අනෙක් නාට්‍ය ශීල්පීන් වන ශ්‍රවනාබාධිත ඉන්දික, මේනකා, දිනුෂා සහ කුෂාන් වෙතින් හැකි උපරිම දක්ෂතාවන් කැපවීම සහ පුහුණුවෙන් උකහාගෙන සමාජ දැක්මක් උදෙසා සිය නිර්මාණය ඉදිරිපත් කළ මහේෂ්  උමගිලිය ඇතුළු  නාට්‍ය නිෂ්පාදක පිරිවරට  මගේ ප්‍රණාමය කල්පණි සහ සමස්ත ආබාධිත ප්‍රජාව වෙනුවෙන් මගේ ප්‍රණාමය දක්වන ගමන්, කල්පණී ගේ  ඉල්ලීමක් මම  ඔබට ඉදිරිපත් කරන්න කැමතියි.

‘‘මම ඔයාල හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්න කැමතියි,  ඔබ ආබාධිත අයෙක් නම් අබාධිත බව සදාකාලික රෝගයක් කර නොගෙන යන්තම් හෝ හැකියාවක් ඇතිනම් දෙපයින් සිටගෙන ජීවිතය දිනන්න කියලා.  දෙපයින් හිටගෙන කියල මම අදහස් කරන්නෙ, තමන්ගෙ ශක්තිය, තමන්ගෙ ආත්ම විශ්වාසය. ඒ දෙක තියනව නම් අපිට අනිත් අයට වගේම බොහෝ දේ කරන්න පුළුවනි. අපි අභියෝග භාරගනිමු, අභියෝග ජයගනිමු. ඒ වගේම සමාජයෙන් මම ඉල්ලා සිටිනවා. අපිත් ඔබ වගේමයි, වෙනස් කොට සැලකීමක් අපිට එපා. අනුකම්පාවක් එපා. අපි ජීවිතේ බෙදාගමු.’’  ඒ දිඹුලාගල ගල්තලාව ගමේ දිනූෂි කල්පණිගේ ආදරණිය ඇරයුමයි.

Thursday, 31 October 2013

බලහත්කාරය සහ බලගැන්වීම

බලහත්කාරය සහ බලගැන්වීම
මිනිස්සුන්ට කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා වෙනව කියන එක අහන්න දෙයක් නෙවෙයි කියල දවසින් දවසම ඔප්පුවෙමින් පවතිනවා. ඇති හැකි මිනිස්සු පුඵවන් තරම් කඩාවඩා ගනිත්දි නැති බැරි මිනිස්සුන්ට තමන්ට තියෙන දේ රැකගන්නත් මහ විශාල අරගල කරන්නවෙලා. හුඟක් වෙලාවට මේ අරගලය නිමාවෙන්‍‍නෙ ඇති හැකිවුන්ගේ බලයෙන් නැතිබැරි එකා පාගල, තමන් යන පාරෙන් අහකට විසිකලාටත් පස්සෙයි.

ඊයේ පෙරේද දවසක මේකෙ අලුත්ම කතාව ඇහුනෙ රජරට පැත්තෙන්. සමාජසේවා දෙපාර්තමේන්තුව අනුමැතිය අනුව සමාජසේවා දෙපාර්තමේන්තුවට අයත් අක්කර හතක ඉඩමක, රජයෙන් කෝටි ගණනක මහජන මුදල් වියදම් කරල හදපු ආබාධිතයන් සදහා නේවාසික වෘත්තීය පුහුණුව ලබාදෙන ආයතනයක්, මහ ඇමතිගෙ මූල්‍ය ප්‍රතිපාදන සපයාගෙන තමන්ගෙ ආයතනයේ සීමා මායිම් සළකුණු කරගත්තා. අතපය හතර හොදින් තියෙන ගැහැනු මිනිසුන්ටත් ආරක්ෂාවක් නැති මේ කාලේ, තමන් බාරයේ ඉන්න ආබාධිත දරුවන්ගෙ සහ වැඩිහිටියන්ගෙ ආරක්ෂාව ගැන හොයල බලන්න, ආරක්ෂාව තහවුරු කරගන්න එක වැරදි දෙයක් නොවෙයිනේ.

ඉතින් මේ වැඩේ වෙද්දි ගම්මු ලේසියට යන්න එන්න හදාගෙන තිබුණු කෙටි පාර වැහුණා. නවාතැනේ ඉන්න ගෑනු දරුවන්ගෙ ඇදුම් පැළදුම් වැල්පටවලින් අතුරුදන් වෙද්දි ඒ ගැන සොයා නොබලා ක්‍රියාත්මක නොවුනොත් ඉස්සරහ දවසක ඊට වඩා ලොකු ප්‍රස්නවලට මූහුණ දෙන්න තියෙන ඉඩ අහුරන්න එපැයි.

මේ සිද්ධිය කෙළවර වුණේ උද්ඝෝෂණයකින්, තමන්ගෙ ගමේ පළාතේ කවදාක හෝ දිනක තමන්ට අයිතිකරගන්න පුළුවන් ඉඩම්  කොහෙවත් ඉදල  ආපු ආබාධිතයින්ට දෙන්නෙ මොකටද කියල පළාතේ මහජන නියෝජිතයෙක්ගෙ ඔළුවට මුලින්ම ආපු මේ කල්පනාවට තටු ලැබුණා. ඒ කතා බහ නැවතුනේ ගම්මානේ කඩපිල්වල හේන් වල, නිවෙස්වල හිටි දුප්පත් ගොවි මහතුන්ගාව. හාර පන්සීයක් මිනිස්සු බල මුළු ගැනුණා. මේ හැම දෙනාටම එක පාරටම අනේ මටත් ඒ අක්කර හතෙන් පර්චස් එකක් දෙකක් වත්ලැබෙනව නම් කියල හිතෙන්න ඇති.

මොකද මේ වෙද්දි මුළු ලෝකෙම දැරනියගල හිටපු ප්‍රාදේශීය සබා මන්ත්‍රීතුමා නූර් වත්තෙ කොටසක් අයිතිකරගෙන තිබුණෙත් ඔය කියන ක්‍රමයට පර්චස් සුළු සුළු ගණන්වලට පළාතේ මහජනතාවට ලබාදෙන්න කියනවනේ, ඉතින් ඒ පූර්වාදර්ශය රටේ අනෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අරගන්න එක ගැන කාටවත් දොසක් කියන්නත් බැහැනේ.
අන්තිමට සිද්ධ වුණේ ප්‍රාදේශීය දේශපාලනයින් විසින් උසිගන්වපු ගමේ ගොඩේ දුප්පත් මහජනතාව එක් රැස්වෙලා, තමන්ගේම මහජන මුදලින් ඉදිකෙරුණු කම්බි වැට ඉවක් බවක් නැතිව කඩල බිදල දැම්ම එක. ඒ විතරක් නෙවෙයි ඇවිද ගන්න බැරි රෝද පුටුවට වෙලා ඉන්නෙ නැතිව තමන් වගේම අනෙක් ආබාධිතයන් ගැනත් ප්‍රතිපත්ති තීන්දු තීරණ ගන්න වෙහෙසෙන ගැහැණියකට මරණීය තර්ජන එල්ල කරන්නත් ඔවුන්ට හයියක් ඇවිල්ල තිබුණා.

සිවිල් නීතිය යටතේ පොදු දේපලට හානි කිරීම බරපතල වරදක් වෙද්දි, පොලිසියේ පිහිට පතනවා ඇරෙන්න වෙන මොනවද කරන්න තියෙන්නේ. ඉතිං නීතිය රකින උදවිය ඒ ගැන සැලකිලිමත්වෙලා ඒ සම්බනධව කටයුතු කරන්න පොරොන්දු වුණා. දවසක් ගත වුණා දෙකක් ගත වුණා තුන්වැනි දවසෙ නගරෙ මැද්දෙ  තවත් මහා උද්ඝෝෂණයක්, ආබාධිතයින් ලිංගික අපයෝජනයෙන් බේරාගනිමු කියල.  අර පළවෙනි දවසෙ ආබාධිතයන්ට මොන ඉඩම් ද කියල අහපු උදවියම තමයි මේ දෙවැනි බෝඩ් කෑල්ලත් අල්ලගෙන හිටියේ. ආබාධිත අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්.

ලස්සනම දේ වෙන්නෙ ඊට පස්සේ. පොලීසියයේ ලොකු මහත්තයයි, අදාල ආයතනයයි කතාබහ කරල ඒ ඉඩම මැද්දෙන් නැතිව කෙලවරකින් පාර දෙන්නම් කීවාම අර ලිංගික අතවර ගැන කියල උස්සගෙන හිටිය බෝඩ් කෑලි අල්ලන් හිටි උදවිය, ඒවත් කිහිලි ගන්න ගෙන බොහොම සාම කාමීව විසිරිලා ගිය එක.

අපේ රට විනාසවෙලා තියෙන්නෙ මේ ජරාජීරණ දේශපාලනය හින්ද කියලා මේ සිද්දියෙන් නැවත නැවත පැහැදිලි වෙනව. අපේ රටේ විතර විචාර බුද්ධියක් තියෙන ඡන්ද දායකයො වෙන කොහේවත් නැතුව ඇති කියලයි මට හිතෙන්නෙ. කැපුවත් නිල් කැපුවත් කොළ කියන පදනම නැති වුණත් අනිත් කාට මොනව කළාම මොකද අපිට හොදක් වෙනව නම් කියල හිතල අපිත් ඡන්දය දෙනවා.

අල්ලස්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, තර්ජණය කිරීම්, බිය වැද්දීම් මේ හුඟක් චෝදනාවන් තියෙන අයටම ප්‍රධාන දේශපාලන පක්ෂවල නාම යෝජනා අනිවාර්යෙන්ම ලැබෙනව කියල පහුවුණු දවස්වල පලවෙලා තිබුණු ප්‍රවෘත්ති සාක්ෂි දරනවා. ඉතින් නැවත වරක් බලයට පත්වෙලා ඒ වැරදි ටික නැවත නැවතත් කරන්න ඔවුන් අපෙන් වරමක් ඉල්ලනවා. අපිත් ඉතින් දෙයියනේ කියල ඡන්ද පොලට ගිහින් ඒ වරම දීල එනවා.

අඩුම තරමින් අනිකා ගැන හිතන්නමතන්න පුළුවන්, සමාජය ගැන හැඟීමක් දැනීමක් තියෙන අධ්‍යාපනයෙන් කිසියම් විනයක් හික්මීමක් ලැබුණු උදවිය ගමෙන් පළාතෙන් දේශපාලනයට ගෙන එන්න කටයුතු කරනවා නම් ටිකක් හරි මේ ගැටලුවලට උත්තර හොයාගන්න පුළුවන්වෙයි.

Monday, 28 October 2013

හැමදාම බොමු


 

කිලෝමීටර සිය ගණනක් දුර ගෙවාන මගේ යෙහෙළියක් කොළඹ මහ රෝහලට ආවේ ඇගේ ඥාති සොයුරියක ගෙ දුක සැප බලන්න. නිතර හමු නොවෙන නිසා ම අපි දෙන්නත් අතර මඟක මුණ ගැහුණා. නංගිට කොහොමද දැන් ඒ මගේ පළවෙනි ප්‍රශ්නෙ. "කියන්න තරම් ගුණයක් නෑ. සතියකට වරක් ලේ පිරිසුදු කරනවා. වකුගඩුවක් බද්ද කරන්න ඕනෙලු. ඒත් නංගිගෙ අසනීපත් එක්ක ඒකත් කරන්න අවදානම්ලු. මොනවා කරන්නද ලිහිණි, විහින් හදා ගත්ත ලෙඩ." මගේ මිතුරියගේ පශ්චත්තාපය පවුලෙ එකම දරුව ගැනයි, ඇය වෙනුවෙන් දිවා රෑ නැතිව කැපවෙන වැලපෙන මවුපියන් ගැනයි.

ඇගේ රෝග ඉතිහාසය ගැන තරමක් දුරට දැනුවත්කමත් තියෙන නිසා ම අනිත් අයටත් ඒ අවබෝධය ලබාදෙන්න මට වගකීමක් තියෙනවා කියල යටි හිත මාව කොනිත්තන්න පටන්ගත්තා. අපි ඇයට නමක් දෙමු. ඇය දිදුළි. පවුලෙ එකම දරුවා. අම්ම තාත්ත ඇහැක් වගේ තමයි දිදුළිව බලාගත්තෙ. දිදුළිගෙ ගෙදර ගබඩා පහසුකම් තිබුණා. ඉතිං අමතර අදායමත් ලබන්න මේ හිස් ඉඩ බදු ගත්තෙ පැණී බීම සමාගමක්, තමන්ගෙ ගෙදර හිතූ හිතූ පාටින් පැණි බීම තොග ගණන් තියෙන කොට නොබී ඉන්න පුළුවන් කාටද? මේ කෙළි පොඩිත්ති කාන්දමක් වගේ අර පැණි බිමවලට ඇදිල ගියා. ඒ අම්මට තාත්තට තියා කාටවත් ම පැණි බීම ඇබ්බැහියෙන් දිදුළිව බේර ගන්න බැරිවුණා. දැනට අවුරුදු කිපෙකට කලින් දිය වැඩියාව දිදුළිව වෙලා ගත්තා. අවුරදු දොළහ දහතුන වයසෙ දරුවෙක් වෙලා හැමදාම ඉන්සියුලින් එන්නත් කරගන්න ඇයට සිදු වුණා. දැන් අලුත් ම තත්ත්වය, ඇය වකුගඩු රෝගියෙක්, දිය වැඩියාව නිසා තවත් අතිරේක සංකූලතා රාශියකින් පීඩා විදින දරුවෙක්. ඇගේ අසනීපයට මූල බීජය කුමක්ද? මම ටිකක් ඒ ගැන හොයලා බලන්න හිතුවා.

වකුගඩු රෝග හඳුන්වන දෙවිදියක් තියෙනවා. වෛද්‍ය විද්‍යාවෙදි මෙය හඳුන්වන්නෙ වකුගඩු අකරණය කියලා, එයත් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තීව්‍ර වකුගඩු අකරණය, අනෙක කාලික වකුගඩු අකරණය හෙවත් නිදන්ගත වකුගඩු අකරණය, දිදුළිට වැළදිලා තියෙන්නෙ කාලික එහෙමත් නැත්නම් නිදන්ගත වකුගඩු අක්‍රීය වීම, වකුගඩු අක්‍රීය වීමට බලපාන හේතු ගොඩයි. දියවැඩියාව හෝ අධික රුධිර පිඩනය, නිරන්තර මුත්‍රා ආසාදනය, වකුගඩු ගල්, සර්ප දෂ්ඨන , වස විෂ පානය, ඒ දිග ලිස්ට් එකෙන් කිහිපයක්. ඉතින් දිදුළිගෙ රෝගයට බලපාලා තියෙන හේතු සාධකේ ඇස් පනාපිට මට පේන්න ගත්තා.

ඒ එක්කම අනාගත ළමා පරම්පරාව හරහාත් මේ මාරාන්තික අනතුර වැටිලා තියෙනවා කියලත් මට පේන්න පටන්ගත්තා. මොකද අපි දැන් සොබාවික දේ පරිභෝජනයෙන් ඈත්වෙලා කෘත්‍රිම පරිභෝජන රටාවකට බොහොම වේගයෙන් ඇදී යමින් ඉන්න නිසා. රූපවාහිනිය එක්ක ගෙදර සාලෙට එන වෛයිවාරන්න කෑම බීම, ණය පත අරගෙන සුපිරි වෙළෙද සලට ගොඩවෙලා කූඩයක් පිරෙන්න එළවළු මාළු අරන් එන අම්ම තාත්තා එක්ක ගෙදරට එනවා. පණුවෙක් කොළයක් කාලා නැති කොළ මිටියක්, පණුවෙක් විදල නැති බෝංචි කරල්, හොද සනීපෙට හැදිච්ච එළවළු ලස්සනට බත් පතට එකතු වෙනවා. ඉස්සර නම් පැණි දොඩමකින්, පැෂන් ගෙඩියකින් බීම හැදුණු ගෙදර, කෑම මේසේ පාට පාට ලස්සන බෝතල්වලින් එන පැණි බීමවලින් පිරෙනවා. අවුරුද්දට, නත්තලට විතරක් නෙවෙයි, අම්මගෙ උපන්දින උත්සවේටත් මේ පැණි බීම අත්‍යවශ්‍ය වෙනවා. අම්මා, තාත්තා එක්ක සුපර් මාකට් එකට යන පොඩිත්තො තම තමන්ගෙ කැමැත්ත ඉල්ලලා හඬා වැටෙන කොට අම්මලා, තාත්තලට මේ දේවල් අරන් නොදී බැරි වෙනවා. ඉතින් අපි දැනුවත්ව රස කාරක කියන වහ කාරක අපේ ගෙදර කෑම මේසෙට එක්කර ගන්නවා. දරුවොත් සතුටින් පිනා යනවා. ඊට පස්සෙ අපේ වකුගඩු අපි විසින්ම නාස්තිකර ගන්නවා.

මේ ගැන හොයද්දි මම දැන ගත්තා, අපි අහාරයට ගන්නා කෘත්‍රිම වර්ණකවල පැහැය ඉවත් කිරීමට පමණක් වකුගඩු සාමාන්‍ය ප්‍රමාණයට වඩා පනස් ගුණයක් වේගයෙන් ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඒ ආහාර වර්ණ ඉවත්කිරීම සඳහා පමණයි. ඊට අමතරව ශරීරය පිරිසුදු කිරීම සඳහා, ශරිර ගත වස විස මුත්‍රා මාර්ගයෙන් පෙරා ඉවත්කිරීම සඳහා මේ නොනවතින යන්ත්‍රය දිනකට කී වරක් ක්‍රියාත්මක වනවා ඇත්ද?

ඔබ දන්නවාද මෙම රෝගය වයස් තරාතිරමක් නොමැතිව මිනිස් සිරුරේ සැඟවී පවතින බව. රෝග ලක්ෂණ දැනෙනා විට වකුගඩු 40 % - 60% දක්වා අක්‍රිය වී අවසන් බව, රෝග ලක්ෂණ නොමැතිව නිසා වසර ගණනක් සිට වකුගඩු රෝගීන් රෝගය තමන්ට ඇත්දැයි නොදැන සිටින බව.


වර්තමාන සංඛ්‍යාලේඛන අනුව රජරට පළාතේ මේ තත්ත්වය මාරාන්තික වසංගතයත් වෙලා, එකම ගෙදර තාත්තා මිය ගිහින්, පුතා අසාධ්‍ය තත්ත්වයෙ ඉදිද්දි, අම්මා වකුගඩු රෝගී සායනයට යනවා. මේ තත්ත්වය බරපතළ සමාජ ප්‍රශ්නයක් ජාතික ප්‍රශ්නයක් වෙලා ඉවරයි. එහෙම තත්ත්වයක් තියෙද්දි, අපේ දරුවන්ට කෘත්‍රිම රස කාරක, වර්ණ කාරක අඩංගු ක්ෂණික ආහාරපාන තව දුරටත් ලබා දෙනවාද කියලා නැවත නැවතත් හිතන්න ඉඩක් හොයාගන්න වෙනවා.

Thursday, 24 October 2013

“මිනිසත් කමට නුඹ උපමාවක් භානු”

ඉපදෙන හැම ගැහැනියක්ටමපිරිමියෙක්ටම උපතේදී තමන්ගේ මව හෝ පියා විසින් දෙනු ලබන නමට අමතරව හැදින්වෙන පොදු සංඥාර්ථ නාමයක් තියෙනවා. “මනුස්සයා” කියලා. මනුස්සයා කිව්වම ඒක එකයි. හැබැයි ඒ මනුස්සයා කියන වදනට එකතුවෙන නිපාතඋපසර්ග වි‍ශේෂණ පදවලින් එහි අර්ථය විවිධාකාර ලෙස වෙනස් වෙනවා. දනරකදක්ෂඅදක්ෂලෝභපරිත්‍යාගශීලීපසන්සුපසන්එවැනි අර්ථ කීපයක්,
භානු ප්‍රසන්න පෙරේරාඅද අපි අතර නැතත් අර මං කලින් කිව්ව විදියට මනුස්සයෙක් කියන අර්ථයෙන් ගත්තම උත්තම මනුස්සයෙක්. භානු ගෙ දෙමව්පියන් ඔහුගෙ නමට “ප්‍රසන්න” කියල කොටසක් එකතු කරල තිබුණා. භානු ක්‍රියාවෙන් වගේම හැසිරීමෙනුත් තමන්ගෙ දෙමාපියන් දී තිබුණු නමේ අර්ථය සම්පූර්ණ කරගත්ත මිනිහෙක්.




අපේ ජීවිත කාලය තුළ අපි හැමදාම දැකපු භානුට තිබුනෙ හරිම අව්‍යාජ හිනාවක්හරිම “ප්‍රසන්න” සිනාවක්භානුව දන්න හදුනන අයට ඒ ජීවිත කාලෙ පුරාම හිනාවක් නැතිව භානුට තරහ ගිහින් හිටපු දසුනක් මවාගන්න පුළුවන් වෙයි කියල හිතන්න බෑ. ඒ තරමටම “භානු ප්‍රසන්න” නිරහංකාර සරල ජීවිතයක් ගත කළා. කවුරුම හරි කෙනෙක් භානු ළඟට ඇවිල්ල තමන් කරන්න යන මොකක් හරි වැඩක් ගැන කියලඋදව්වක් ඉල්ලුව නම් කවමදාවත් ඒ උදව්ව භානු අතින් පැහැර හැරුනෙ නෑ. ඒ උදව්ව කරන්න යන්න තිබුණෙකතරගමටදඅනුරාධපුරේට දයාපනේටද කියන එකත් භානුට වැදගත් වුනේ නෑ. අද උදේ කොළඹ ඉන්න භානුට සවස දුර ඇමතුමක් දුන්නම ඉන්නෙ අනුරාධපුරේ කිව්වම අපි පුදුම නොවුණෙ ඒ නිසා. භානු දුර ඈත වැඩක් භාර ගත්තත් ඒක ළඟ පාත වැඩක් වෙන්න මහ වෙලාවක් යන්නෙ නෑ.

භානු හරි සරල මිනිහෙක් කියල හුගක් අය කිව්වා. ටී ෂර්ට් එක ඇදගෙනකැප් තොප්පිය දාගෙනපුංචි බෑග් එකක් පිටේ එල්ල ගෙන මෝටර් සයිකලේ නැගල යන භානු ට හුඟක් යාළුවො හිටියා. අතර මඟ මුණ ගැහෙන දන්න අදුනන මූණක් එක්ක කතා කරල යන්න වෙලාවක් නැත්නම් බයිසිකලේ හෝන් එක ගහල අතක් වනල යන පුරුද්ද භානුට තිබුණා. ඉතිං හුගක් අයට අනුව භානු හරිම සිම්පල් චරිතයක්.

එත් තවත් සමහර අය කිව්වෙ භානු හරිම සංකීර්ණ චරිතයක් කියල. එහෙම කියන්න හේතු තිබුණා. තමන් වටේ ඉන්න තමන් ඇසුරු කරන හැමෝම එක්ක කතා බහ කරද්දි ඒ තනිතනි පුද්ගලය එක්ක කතා කරන්නඒ හැමෝගෙම හද දොර යතුර මොකක්ද කියල භානු හොදාකාරවම දැනගෙන හිටියා. දේශපාලන චරිතත් එක්ක දේශපාලනය ගැන කතා කරන්නසංගීතය ජීවිතය වෙච්ච මිනිස්සු එක්ක සංගීතය ගැන කතා කරන්නකලාව ගැන කතා කරන්න කැමති මිනිස්සු එක්ක කලාව ගැන කතා කරන්න වගේමමේ කිසිම දෙයක් ගැන රුචිකත්වයක් නැති මනුස්සයෙක් එක්ක ඔහු කැමති ඕනෑම දෙයක් ගැන කතා කරන්න භානු දැනගෙන හිටියා.

ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියන කියමන භානු බොරුවක් කියල ඔප්පු කලා. අභිරූපණ ශිල්පියෙක්අංගරචනා ශිල්පියෙක්කැමරාකරුවෙක්කලා අධ්‍යක්ෂකවරයෙක්තිර රචනා ශිල්පියෙක්රූපවාහිනීගුවන්විදුලි වැඩසටහන් නිශ්පාදකවරයෙක්වේදිකා නාට්‍ය ශිල්පියෙක්වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙක්රචකයෙක්කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක්නිශ්පාදකවරයෙක්. මේ හැමදේටම වඩා භානුයහපත් මනුස්සයෙක්උණුසුම් සහෝදරයෙක් දක්ෂ ගුරුවරයෙක්. භානු ගෙ අන්තිම කෙටි චිත්‍රපටයෙ සංගීතය සහ රඟපෑම ඇරෙන්න අනෙක් සෑම අංශයක්ම නිර්මාපකය වුනේ භානු.

අවුරුදු හතළිස් දෙකක කෙටි ජීවිත ගමන නිමා කරල පහුගිය විසිතුන් වෙනිදා භානු යළි නොඑන්නම කාටවත්ම නොකියා ගිහින් තිබුණා‍. ඒ ආරංචිය දරාගන්න බැරිව විශ්වාස කරන්න බැරිවවිසිතුන්වෙනිද උදේ ඉදලදවල් එකොළහදොළහඑක වෙනකම් විවිධ තැන්වල විවිධාකාරයෙන් භානුව ඇසුරු කරපු සහෘදයො එකසිය පනහක් දෙසීයක් විතර හෝමාගම රෝහලට ආව ගියා. ජීවත් වුනත් මැරුණු මිනිසුන් සිය දාස් ගානක් ඉන්න රටකමැරුණත් මැරුණයි කියල විස්වාස කරන්න බැරි මිනිහෙක් වෙන්න පුළුවන් අතේ ඇඟිළි ගාණටත් අඩු පිරිසකට විතරයි. භානු ඇත්තටම මිය ගිහිල්ලත් ජීවත් වෙනවා. හැමදාමත් වගේ මියගියවුන් පිළිබඳ වේදනාව ජීවත්වන්නවුන්ට ඉතිරි කරල භානු යන්න ගිහින්.

මාසයක් දෙකක් තිස්සෙ සුව නොවෙමින් තිබුණු කැස්ස හෙම්බිරිස්සාව වෙනද වගේම ඔහු ගණන් අරගෙන නොතිබුණු නිසා වෙන්න ඇතිඒ පෙනහළු දෙකම අක්‍රීය කරන්නට වෛරසයකට පුළුවන් වෙලා තිබුණේ.

සම්පත් පෙරේරා ඇමිණූ පද කීපයක් ජුනි විසිහය වැනි බදාදා හැන්දෑ වරුවෙ කොට්ටාව කනත්තෙ ශෝකී බටනලා හඩත් සමග ඒකාත්මිකවූ ගිටාරයේ තත් බිදුණු හඩ සමඟ මුසුවුණා. ඒ ශෝකී හඩ භානු ප්‍රසන්න සහෘදය වෙනුවෙන් එතැනට ඇවිත් හිටි හැමෝගෙම නෙත මුල කදුළක් එකතු කළා. භානු වෙනුවෙන්ලියවුණුභානු වෙනුවෙන් ගීතවත්වුණූභානු වෙනුවෙන් ගැයුණු ඒ පද පේළි හතර භානු ගැන සදාතනික මතකයක් ඉතිරිකරල හැමෝගෙම හදවත්වල තැන්පත් වුණා.

අදුරු වළාවක වැසුනට සද මඬල
නතර නොවේ ඉන් ගලනා සඳ එළිය

අතැර ගියත් අප ඇස රඳවා කඳුළ
නිතර ගැවසෙමින් ඇත ඔබ අප අතර

     මේ සටහන ලියවෙන අද භානුගෙ සුන්දර අව්‍යාජ හිනාව මගේ ඇස් ඉදිරියේ සැබෑවට පෙනිල නොපෙනී ගිහින් මාස කීපයක් වෙනවා. සරමක් කුර්තාවක් ඇදගෙන ලස්සන හිනාවක් අරගෙන මගේ මංගල්ලෙට ආපු උඹ මේච්චර ඉක්මනට යනවා කියල දන්නව නම්තරිඳි කියනව වගෙ අනේ යන්න එපා භානු අයියේ කියල කියන්න තිබුණා. එත් එදා දවසෙ සුන්දරම මතකයමට විතරක් නෙවෙයි අපි හුඟක් දෙනෙකුට ඉතිරි කරලා නුඹ යන්නම ගිහින්. උඹේ අර සුන්දර හිනාව විතරක් මතකයේ ඉතිරි කරල. ඇත්තටම භානු අයියේ අර සිරිමල් කියනව වගේ “ මිනිසත්කමට නුඹ උපමාවක්

Saturday, 11 May 2013

ලිංගික අධ්‍යාපනය තාමත් එපා ද?





මේ ගැන ලියන්න හිටියෙ හුඟ දොහකට කලින්, ඒත් අදට වැඩිය හෙට හොඳවෙයි කියල යටිහිත නිතරෝම කියන නිසා නොලිය, නොලිය හිටියත් තව දුරටත් එසේ ඉන්න පුළුවන් කමක් නෑ. මම මේ කතා කරන්නෙ අපේ දරුවො ගැන. රටේ දරුවො ගැන, එහෙම නැත්නම් මම කැමතියි කියන්න මගෙ සොහොයුරියන් ගැනයි මම මේ කතාව කියන්නෙ කියලා.

අතීතයේ නම් අපි දන්නව ප්‍රේමවතී මනම්පේරිලා ගැන, මතුගම සමන් කුමාරලා අහන්න ලැබුණෙ හාවා හද දකිනව වගේ කලාතුරකින් කියල. වුණත් අද තත්ත්වෙ ඊට හාත්පසින් වෙනස්. අපි නිකං මූනිච්චාවට කතා කරන්න ඕනි නෑ. කෙලින් කතා කළොත් ඔබත් මාත් දන්නවා වාර්තා වීම කෙසේ වෙතත් ස්ත්‍රී දූෂණවත් ළමා අපචාරවත් මේ ධර්මද්වීපයේ අඩුවක් නැතිව සිදුවෙනවා කියලා. අලුත්ම තත්ත්වය ළමා මවුවරු. කවුද මේවට වගකියන්නෙ? කවුද මේවට වගකිව යුත්තෙ? මහ විශාල ප්‍රශ් දෙකක් අපි ඉස්සරහ තියෙනවා.

මට හිතෙන හැටියට මේ හැම දේටම වග කියාගන්න ඕනේ අපි, අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියො, ගුරු දෙගුරු හැමෝම මේ තත්ත්වයට වග කිව යුතුයි. අපි කාටවත් මේ තත්ත්වය මඟ ඇරලා අනේ අපි දන්නෙ නෑ කියල ඈත් වෙන්න බෑ. අපි දන්නවා ලිංගික හා ්‍රජනක සෞඛ්‍ය ගැන අපේ දරුවන්ට තියෙන්නෙ අවම අධ්‍යාපනයක්. වැඩිවියට පත් දැරිවියකට තමන්ගේ ශාරීරික වෙනස්කම් ගැන මනා අවබෝධයක් ගුරු දෙගුරුන්ගෙන් ගෙන් ලැබෙන්නේ නෑ. අතීතයේ මල්වර වන දියණියකට ඇගේ ශරීර සෞඛ් ගැන හැසිරිය යුතු ආකාරය ගැන පවුලේ වැඩිහිටි ගැහැනු උදවිය ගෙන් ගුරුහරුකම් රාශියක් ලැබුණා. සමාජයට ඇය රැකබලාගතයුතු ගරු කටයුතු කාන්තාවක් කියන පණිවිඩේ ලැබුණා. ආච්චි අම්මලා, ලොකු අම්මලා, සමාජයේ හැසිරිය යුතු අයුරු කියාදුන්නා. වර්තමානයේ දියණියක වැඩිවිය පැමීණීම පෞද්ගලිකත්වය තුළ ආරක්ෂා කෙරුණත් සමාජීය ජීවිතය තුළ, සමාජිය විනය පවත්වාගෙන යාම පිළිබඳ සමාජානුයෝජනය නිසි පරිදි සිදුවෙනවාද කියන දේ, බරපතළ ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා කියන ඒක අපි අපිටම ඒත්තු ගන්වා ගන්න වෙලා.

පුරවැසියන් ලෙස අප මේ සම්බන්ධව කළයුත්තේ කුමක්ද?  ක්‍රියාත්මක විය යුත්තේ කොතනින්ද යන්නට පිළිතුරු සොයා ගත යුතුයි. ඊට පිළිතුරු සොයාගත යුත්තේ කෙසේද? උදවු ඉල්ලා සිටින්නේ කාගෙන්දක්‍රියාත්මක වීම සිදු කරන්නේ කොතනින්ද?

ගැටලුව නොදන්නාකම නම්, පිළිතුර දැනුවත් කිරීම නම්, තව දුරටත් අපි ඇස් කන් පියා සිටින්නේ ඇයි? දරුවන් දැනුවත් කළ යුතු වන්නේ ගුරුන් දෙගුරුන් හරහා නම් පිළිබඳ අවබෝධයක් ගුරු දෙගුරුන්ට ලබාදීමයී යුගයේ අත්යාවශ්යම කාරණය වන්නේ. සදහා පෙර පාසල් ගුරුවරුන්ගේ සිට මවුපියන් දක්වා දැනුම ගලා යා යුතු යාන්ත්‍රණයක් ගොඩනැඟිය යුතුයි. තව දුරටත් තම තමන්ගේ පහසුව ගැන සිතා තම දූ දරුවන් අධි ආරක්ෂිත කලාප වශයෙන් සැලකිය හැකි තම නිවෙස් තුළ වුව අනාරක්ෂිත අනාථයන් නොකිරීමට වැඩිහිටියන් සවිඥානිකව දැනුවත් කළ යුතුයි.

එය ආකාරයෙන් ඉටු කිරීමට ගුරු දෙගුරුන්ව දැනුම්වත් කිරීමේ, ව්යායාමය ඇරඹිය යුත්තේ පාසලින් පමණක් නොවේ. සෞඛ්‍ය කේෂත්‍රෙයේ මැදිහත්වීමත් සඳහා ත්තවශ්‍යමයි.දරුවන් ඇසුරේ ඇති වන නොදැනුවත්කමෙන්, තම ආරක්ෂාව සලසාගත නොහැකීවීම නිසාත්, නිසි රැකවරණයක් සෙනෙහසක් නොලැබීම නිසාත් අසරණව අනාථව ජීවිතය වරදවා ගන්නා දූ දරුවන් ගේ අවසානයේ යොමු කෙරෙන්නේ වෛද් වෘත්තිකයන් වෙතයි. අනුව ළමා අපයෝජන පිළිබඳ , ළමා මවුවරුන් පිළිබඳ , මානසික අසමතුලිතතාවන්ට ගොදුරව උපදේශන ප්‍රතිකාර ලබාගත යුතු දු දරුවන් ගේ ගැටලු පිළිබඳ , එහි හේතුඵල සම්බන්ධතා පිළිබඳ සෑබෑ අත්දැකීම් සම්භාරය ඒකරාශි වන්නේ විශේෂයෙන් මනෝ විද්යාඥයන් සහ ප්‍රජනක හා නාරීවේදය පිළිබඳ වෛද්‍යවරුන් වෙතයි.

එදිනෙදා වෘත්තීය ජීවිතයේ මුණ ගැසෙන දරුවන්, මුහුණ දෙන ගැටලු සහ, ඉන් මිදීම සඳහා දරුවන් දැනුම්වත්කළ යුතු කරුණු කාරණා ගැන සමාජයීය මඟපෙන්වීමක් කළ හැකි ්‍රමුඛයන්, ප්‍රජනක හා ලිංගික සෞඛ්‍ය පිළිබඳ සමාජයීය දැනුම්වත්භාවය ඇතිකිරීමේ පුරෝගාමී මඟ පෙන්වන්නන්, සම්පත් දායකයන් අප සොයා ගත යුත්තේ සෞඛ්‍ය කේෂත්‍රයෙන් යයි මා පවසන්නේ ඉහත හේතු සාධක පදනම් කරගෙනයි.
තව දුටත් වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා, නිවැරදි දැනුම ලබා නොදීම නිසා, දරුවන් අපයෝජනයට ලක්වීම, ඝාතනය වීම වළක්වා ගැනීමට නීතී රීති සම්පාදනය කරනවාට වඩා. අනෙකාට ඇඟිල්ල දිගු කරනවාට වඩා විද්‍යාත්මක සන්දර්භයක් තුළ දරුවන් දැනුම්වත් කිරීමේ කාර්යය සාධනයත් ඇතිවිය යුතුයි.

ඊට සෞඛ් අධ්‍යාපන කාර්යංශයේ ප්රජනක හා ලිංගික සෞඛ්‍ය පිළිබඳ ඒකකයේ අදාළ විෂය පිළිබඳ මනා දැනුමක් අවබෝධයක් ඇති වෙද්යවරුන්ගේ අදහස් උදහස් හා යෝජනාවන් ඔවුන්ගේ අත්දැකීම් සමාජීය දැනුම්වත්භාවයක් උදෙසා සමාජීය කතිකාවතකට එක්කර ගැනීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකසා ගත යුතුයි. සඳහා බලධරයන්ගේ ඇස් විවර නොවන්නේ නම්, එක් පාසලක , හෝ පළාතක සිසුවියන් 43 දෙනෙක් පමණක් නොව වැඩිවිය පැමිණුන සිසු දැරියන් සියල්ලන් වුව ළමා මවුවරුන් වීමේ අවධානම අප බාරගත යුතු වෙමු.

රටක දරුවන්නේ නැණස පෑදීම ගුරුදෙගුරුන් සතු වගකීමකී. එසේ දරුවන් දැනුම්වත් කිරීම උදෙසා වැඩිහිටියන් දැනුම්වත් කිරීම ආරම්භය කෙසේ සිදුවිය යුතුදැයි මා ඔබෙන් විමසමි. රජයක්, පාසලක් අධ්යාපන අමාත්යංශය එය ඉටුකළ යුතුයැයි අදහාගෙන සිටීම කෙතරම් නම් ස්ථානෝචිතදැයි මා ඔබෙන් විමසමි. අප තනි තනිව හෝ වැඩ පටන්ගත් යුතුව තිබේ. ඔබේ, ගමේ පාසලේ, පන්සලේ රැකියා ස්ථානයේ මාසික හමුව, දැනුම්වත් කිරීමේ සම්මන්ත්රණයක් කරගත හැකි නම්, ඔබට මහජන දේශනයක් සුදානම් කරගත හැකි නම් එය වර්තමානය තුළ රෝගී සායනයක්, ලේ දන්දීමේ කඳවුරක්, සුහද හමුවක් පවත්වනවාට වඩා වැඩි වැදගත් කමක් ගනු ඇතැයි ඉඳුරා පවසමි.

හෙට දින විනාශ වන, මිලින වන මල් කැකුල, ඔබේ විය හැකියි. මගේ විය හැකියි. අපරාධකරුවන්ට මරණිය දඬුවම දෙන්න යයි ඉල්ලා සිටිනවාට වඩා එවන් තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම පිණිස අපේ දරුවන් ආරක්ෂා කර ගැනීම උදෙසා තනි තනිව හෝ සාමුහිකව හෝ ්‍රියාත්මක වන්නැයි මා ඔබෙන් ඉල්ලා සිටිමි. සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකිව යුත්තන්ගේ අවධානය පිණිසත්, පුරවැසියන්ගේ දැනුම්වත් භාවය පිණිසත්ය.