Saturday, 11 May 2013

ලිංගික අධ්‍යාපනය තාමත් එපා ද?





මේ ගැන ලියන්න හිටියෙ හුඟ දොහකට කලින්, ඒත් අදට වැඩිය හෙට හොඳවෙයි කියල යටිහිත නිතරෝම කියන නිසා නොලිය, නොලිය හිටියත් තව දුරටත් එසේ ඉන්න පුළුවන් කමක් නෑ. මම මේ කතා කරන්නෙ අපේ දරුවො ගැන. රටේ දරුවො ගැන, එහෙම නැත්නම් මම කැමතියි කියන්න මගෙ සොහොයුරියන් ගැනයි මම මේ කතාව කියන්නෙ කියලා.

අතීතයේ නම් අපි දන්නව ප්‍රේමවතී මනම්පේරිලා ගැන, මතුගම සමන් කුමාරලා අහන්න ලැබුණෙ හාවා හද දකිනව වගේ කලාතුරකින් කියල. වුණත් අද තත්ත්වෙ ඊට හාත්පසින් වෙනස්. අපි නිකං මූනිච්චාවට කතා කරන්න ඕනි නෑ. කෙලින් කතා කළොත් ඔබත් මාත් දන්නවා වාර්තා වීම කෙසේ වෙතත් ස්ත්‍රී දූෂණවත් ළමා අපචාරවත් මේ ධර්මද්වීපයේ අඩුවක් නැතිව සිදුවෙනවා කියලා. අලුත්ම තත්ත්වය ළමා මවුවරු. කවුද මේවට වගකියන්නෙ? කවුද මේවට වගකිව යුත්තෙ? මහ විශාල ප්‍රශ් දෙකක් අපි ඉස්සරහ තියෙනවා.

මට හිතෙන හැටියට මේ හැම දේටම වග කියාගන්න ඕනේ අපි, අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියො, ගුරු දෙගුරු හැමෝම මේ තත්ත්වයට වග කිව යුතුයි. අපි කාටවත් මේ තත්ත්වය මඟ ඇරලා අනේ අපි දන්නෙ නෑ කියල ඈත් වෙන්න බෑ. අපි දන්නවා ලිංගික හා ්‍රජනක සෞඛ්‍ය ගැන අපේ දරුවන්ට තියෙන්නෙ අවම අධ්‍යාපනයක්. වැඩිවියට පත් දැරිවියකට තමන්ගේ ශාරීරික වෙනස්කම් ගැන මනා අවබෝධයක් ගුරු දෙගුරුන්ගෙන් ගෙන් ලැබෙන්නේ නෑ. අතීතයේ මල්වර වන දියණියකට ඇගේ ශරීර සෞඛ් ගැන හැසිරිය යුතු ආකාරය ගැන පවුලේ වැඩිහිටි ගැහැනු උදවිය ගෙන් ගුරුහරුකම් රාශියක් ලැබුණා. සමාජයට ඇය රැකබලාගතයුතු ගරු කටයුතු කාන්තාවක් කියන පණිවිඩේ ලැබුණා. ආච්චි අම්මලා, ලොකු අම්මලා, සමාජයේ හැසිරිය යුතු අයුරු කියාදුන්නා. වර්තමානයේ දියණියක වැඩිවිය පැමීණීම පෞද්ගලිකත්වය තුළ ආරක්ෂා කෙරුණත් සමාජීය ජීවිතය තුළ, සමාජිය විනය පවත්වාගෙන යාම පිළිබඳ සමාජානුයෝජනය නිසි පරිදි සිදුවෙනවාද කියන දේ, බරපතළ ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා කියන ඒක අපි අපිටම ඒත්තු ගන්වා ගන්න වෙලා.

පුරවැසියන් ලෙස අප මේ සම්බන්ධව කළයුත්තේ කුමක්ද?  ක්‍රියාත්මක විය යුත්තේ කොතනින්ද යන්නට පිළිතුරු සොයා ගත යුතුයි. ඊට පිළිතුරු සොයාගත යුත්තේ කෙසේද? උදවු ඉල්ලා සිටින්නේ කාගෙන්දක්‍රියාත්මක වීම සිදු කරන්නේ කොතනින්ද?

ගැටලුව නොදන්නාකම නම්, පිළිතුර දැනුවත් කිරීම නම්, තව දුරටත් අපි ඇස් කන් පියා සිටින්නේ ඇයි? දරුවන් දැනුවත් කළ යුතු වන්නේ ගුරුන් දෙගුරුන් හරහා නම් පිළිබඳ අවබෝධයක් ගුරු දෙගුරුන්ට ලබාදීමයී යුගයේ අත්යාවශ්යම කාරණය වන්නේ. සදහා පෙර පාසල් ගුරුවරුන්ගේ සිට මවුපියන් දක්වා දැනුම ගලා යා යුතු යාන්ත්‍රණයක් ගොඩනැඟිය යුතුයි. තව දුරටත් තම තමන්ගේ පහසුව ගැන සිතා තම දූ දරුවන් අධි ආරක්ෂිත කලාප වශයෙන් සැලකිය හැකි තම නිවෙස් තුළ වුව අනාරක්ෂිත අනාථයන් නොකිරීමට වැඩිහිටියන් සවිඥානිකව දැනුවත් කළ යුතුයි.

එය ආකාරයෙන් ඉටු කිරීමට ගුරු දෙගුරුන්ව දැනුම්වත් කිරීමේ, ව්යායාමය ඇරඹිය යුත්තේ පාසලින් පමණක් නොවේ. සෞඛ්‍ය කේෂත්‍රෙයේ මැදිහත්වීමත් සඳහා ත්තවශ්‍යමයි.දරුවන් ඇසුරේ ඇති වන නොදැනුවත්කමෙන්, තම ආරක්ෂාව සලසාගත නොහැකීවීම නිසාත්, නිසි රැකවරණයක් සෙනෙහසක් නොලැබීම නිසාත් අසරණව අනාථව ජීවිතය වරදවා ගන්නා දූ දරුවන් ගේ අවසානයේ යොමු කෙරෙන්නේ වෛද් වෘත්තිකයන් වෙතයි. අනුව ළමා අපයෝජන පිළිබඳ , ළමා මවුවරුන් පිළිබඳ , මානසික අසමතුලිතතාවන්ට ගොදුරව උපදේශන ප්‍රතිකාර ලබාගත යුතු දු දරුවන් ගේ ගැටලු පිළිබඳ , එහි හේතුඵල සම්බන්ධතා පිළිබඳ සෑබෑ අත්දැකීම් සම්භාරය ඒකරාශි වන්නේ විශේෂයෙන් මනෝ විද්යාඥයන් සහ ප්‍රජනක හා නාරීවේදය පිළිබඳ වෛද්‍යවරුන් වෙතයි.

එදිනෙදා වෘත්තීය ජීවිතයේ මුණ ගැසෙන දරුවන්, මුහුණ දෙන ගැටලු සහ, ඉන් මිදීම සඳහා දරුවන් දැනුම්වත්කළ යුතු කරුණු කාරණා ගැන සමාජයීය මඟපෙන්වීමක් කළ හැකි ්‍රමුඛයන්, ප්‍රජනක හා ලිංගික සෞඛ්‍ය පිළිබඳ සමාජයීය දැනුම්වත්භාවය ඇතිකිරීමේ පුරෝගාමී මඟ පෙන්වන්නන්, සම්පත් දායකයන් අප සොයා ගත යුත්තේ සෞඛ්‍ය කේෂත්‍රයෙන් යයි මා පවසන්නේ ඉහත හේතු සාධක පදනම් කරගෙනයි.
තව දුටත් වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා, නිවැරදි දැනුම ලබා නොදීම නිසා, දරුවන් අපයෝජනයට ලක්වීම, ඝාතනය වීම වළක්වා ගැනීමට නීතී රීති සම්පාදනය කරනවාට වඩා. අනෙකාට ඇඟිල්ල දිගු කරනවාට වඩා විද්‍යාත්මක සන්දර්භයක් තුළ දරුවන් දැනුම්වත් කිරීමේ කාර්යය සාධනයත් ඇතිවිය යුතුයි.

ඊට සෞඛ් අධ්‍යාපන කාර්යංශයේ ප්රජනක හා ලිංගික සෞඛ්‍ය පිළිබඳ ඒකකයේ අදාළ විෂය පිළිබඳ මනා දැනුමක් අවබෝධයක් ඇති වෙද්යවරුන්ගේ අදහස් උදහස් හා යෝජනාවන් ඔවුන්ගේ අත්දැකීම් සමාජීය දැනුම්වත්භාවයක් උදෙසා සමාජීය කතිකාවතකට එක්කර ගැනීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකසා ගත යුතුයි. සඳහා බලධරයන්ගේ ඇස් විවර නොවන්නේ නම්, එක් පාසලක , හෝ පළාතක සිසුවියන් 43 දෙනෙක් පමණක් නොව වැඩිවිය පැමිණුන සිසු දැරියන් සියල්ලන් වුව ළමා මවුවරුන් වීමේ අවධානම අප බාරගත යුතු වෙමු.

රටක දරුවන්නේ නැණස පෑදීම ගුරුදෙගුරුන් සතු වගකීමකී. එසේ දරුවන් දැනුම්වත් කිරීම උදෙසා වැඩිහිටියන් දැනුම්වත් කිරීම ආරම්භය කෙසේ සිදුවිය යුතුදැයි මා ඔබෙන් විමසමි. රජයක්, පාසලක් අධ්යාපන අමාත්යංශය එය ඉටුකළ යුතුයැයි අදහාගෙන සිටීම කෙතරම් නම් ස්ථානෝචිතදැයි මා ඔබෙන් විමසමි. අප තනි තනිව හෝ වැඩ පටන්ගත් යුතුව තිබේ. ඔබේ, ගමේ පාසලේ, පන්සලේ රැකියා ස්ථානයේ මාසික හමුව, දැනුම්වත් කිරීමේ සම්මන්ත්රණයක් කරගත හැකි නම්, ඔබට මහජන දේශනයක් සුදානම් කරගත හැකි නම් එය වර්තමානය තුළ රෝගී සායනයක්, ලේ දන්දීමේ කඳවුරක්, සුහද හමුවක් පවත්වනවාට වඩා වැඩි වැදගත් කමක් ගනු ඇතැයි ඉඳුරා පවසමි.

හෙට දින විනාශ වන, මිලින වන මල් කැකුල, ඔබේ විය හැකියි. මගේ විය හැකියි. අපරාධකරුවන්ට මරණිය දඬුවම දෙන්න යයි ඉල්ලා සිටිනවාට වඩා එවන් තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම පිණිස අපේ දරුවන් ආරක්ෂා කර ගැනීම උදෙසා තනි තනිව හෝ සාමුහිකව හෝ ්‍රියාත්මක වන්නැයි මා ඔබෙන් ඉල්ලා සිටිමි. සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකිව යුත්තන්ගේ අවධානය පිණිසත්, පුරවැසියන්ගේ දැනුම්වත් භාවය පිණිසත්ය.

Wednesday, 1 May 2013

කල්‍යාණි ගංගා ඇවිත්


මම හිටියෙ බුලත්කොහුපිටිය බස් එකේ, අවිස්සාවේල්ලෙ ඉදලා පැයකින් බුලත් කොහුපිටියට යන්න පුළුවන් වුණත් බස් එකේ ගමනට නම් පැය එක හමාරක් දෙකක් නැතිවම බෑ. කොළඹ කොන්ක්‍රීට් වනාන්නතරේ වගේ නැතිව මඟ දෙපස කොළපාට ඉතිරිලා තියෙන ඒ 07 මාර්ගය ඇහැට සිහිලක් නිසා ඉබි ගමන ගැන නොහිත පරිසරය රස විඳිමින් යනඑක වඩා හොඳයි කියල මට හිතුණා. බස්එක පිරෙන්න නැතත් සාමාන්‍ය තරමක සෙනඟක් හිටියා.

මේ වෙද්දි බස් එක අවිස්සාවේල්ලෙන් ඉදලා කිලෝ මීටර් 14 විතර පහුකරලා කරවනැල්ලට කිට්ටුවෙමින් හිටියේ. එක පාරට ම බස්රියේ හිටි මැදි වියේ අම්මා කෙනෙක් තමන් එක්ක හිටිය තවත් කාන්තාවකට යමක් පෙන්නලා අන්න අන්න කල්යාණි ගංගා ඇවිත්කිව්වා. මම හිටියේ ඒ කාන්තාව හිටි ආසනේට පසු ආසනේ නිසා මගේ අවධානෙත් ඒ දිහාටයි යොමු වුණේ. බලන කොට කරවනැල්ලනාම පුවරුව අසල විදේශිය පිරිසක් ඡායාරෑප ගනිමින් හිටියෙ.

අද කරවැනැල්ලෙ ළමා වාට්ටුවට තෑගි ලැබෙන්න ඇති. කල්යාණි හැමදාම එනකොට ඉස්පිරිතාලෙ ළමයින්ට තෑගි ගේනවා. ඒ කාන්තාව ආයිත් කියන්න පටන් ගත්තා. මොකක්ද මේ කතාව කියල මටත් හරි ප්‍රහේළිකාවක්. අන්තිමට මට උත්තරේ ලැබුණා. ඒ බස් එකෙන් නෙමෙයි, කරවනැල්ල රෝහලේ සේවය කරලා විශ්‍රාමගත්ත සාත්තුසේවිකාවකගෙන්.

අවුරුද්ද මතක නෑ, හැබැයි මාර්තු මාසෙ දවසක්. එතකොට ඔය දැන් තියෙන මහ පාලම නෙවෙයි පැරැණි පාලම තිබුණෙ. ගඟ දෙපැත්තෙම ඉලුක් මාන හෙම ඕසෙට වැවිල තිබුණා. උදේ පාන්දරම ආරංචියක් ආව ගග අයිනෙ ජීවත් වෙච්ච මනුස්සයකුට ගඟට විසි කරපු ළමයෙක් හම්බවෙලා කියලා. එතකොට මම හිටයෙ ඕපීඩී එකේ, අනේ ඉතින් අපිත් බලන්න ගියා. පොඩි දරුවෙක්නෙ, බැලින්නම් අංග සම්පූර්ණව හැදිච්ච ගෑනු දැරිවියක්. වයස යන්තම් දවසක් දෙකක් ඇති. දරුවගේ ඇග පුරාම ඉළුක් කොල. ඇග පතත් සීරිලා හොදටෝ ම, ඉතින් මේ කිරිකැටියා ඉස්පිරිතාලෙට ඇතුළු කරගන්න නමක් එපැයි. කවුරු හරි නමක් දාන්න කියල කියද්දි මම කටට ආපු නමක් කීවා කල්යාණී ගංගා ඉළුක්තැන්නඑවෙලෙ එතන හිටි හැමෝම ඒ නමට කැමති වුණා. බොහොම ගම්භීර වාසගමක් වගේ කියලත් කතා වුණා. එහෙමයි කල්යාණී ගංගා ට නම ලැබුණේ.

ඉතිං ඒ නම ලැබුණු හැටිනේ, කොහොමද කල්යාණි ගංගා ගඟට ලැබුණේමම ඇගෙන් ඇහුවා. කල්යාණිගෙ අම්මට කල්යාණී ලැබිලා තියෙන්නෙත් අපේ රෝහලේ දී ම තමයි. නමුත් අවාසනාවකට මේ දරුවගේ අම්මා විවාහක කාන්තාවක් නෙවෙයි. කෙනෙක් ඈට කියල තිබුණා දරුව දාලා ආවොත් ඈව විවාහ කරගන්නවා කියල. රෝහලින් ටිකට් කපාගෙන ගෙදර යන ගමන් මේ කාන්තාව දරුවව කාටත් හොරෙන් ගඟට විසිකරලා තිබුණා. ඒ දරුවගේ වාසනාවට ගඟට නොවැටී ඉළුක් ගාලක හිරවෙලා. පහුවදා උදේ හීන් පොදේ තෙමෙද්දි අඬනකොට උදේ ම ගඟට මූණ හෝදන්න ගිය ගමේ කෙනෙක් තමයි දරුවව රෝහලට ගෙනාවේ. අන්තිමට දරුවගේ අම්මව හොයන්න පොලීසිය ඒ සවස් දෙක තුනේ බබාලා ඉපුදුණු හැම අම්මා කෙනෙක්ගෙම ගෙදරට ගිහින් තිබුණා. ඒ විතරක් නෙවෙයි ඒ අම්මව පොලීසියෙන් කොටුකර ගත්තා. ඊටපස්සෙ වෙච්ච දෙයක් නම් අපි දන්නෙ නෑ. හැබැයි කල්යාණි ගංගාව ඕස්ට්‍රේලියාවෙ පවුලක් අරන් හදාගන්න ගෙනිච්ච කියලා ආරංචි වුණා. ඒ දැරිවි දැන් ඉංජිනේරුවෙක්ලු‍. ලංකාවට කීප සැරයක් ආවා ඒ අම්මා තාත්තා එක්ක. ඒ ආපු හැම දාම ඉස්පිරිතාලෙට ඇවිල්ල එයා හිටි වාට්ටුවට උදවු උපකාර කරල යනවා. ඇය මාත් එක්ක කීවා. මේ සිද්ධිය මට අමතක වෙලා තිබිල ආයේ මතක් වුණේ ඊයේ පෙරේදා දවසක බ්‍රිතාන්‍ය ජාතික දියණියක් තමන්ගෙ අම්මව සොයා දෙන්න කියල පත්තරේකට යොමු කරල තිබුණු ලිපියක් දැකීමෙන්.

කවුරු මොනවා කිව්වත් ලේවල බැඳිම වතුරවලට වඩා ඝනයි කියනවනේ, ලෝකේ කොහේ හිටියත් ඕනම කෙනකුට තමන් වැදු අම්මව දකින්න, ඇයව වැළදගන්න තියෙන උවමනාව නැති කරන්න කාටවත් ම බෑ කියලයි මට හිතෙන්නේ. හැබැයි ඒ වුණත් නොකියා සිටින්න බැරි කාරණාවක් තියෙනවා. තමන්ගෙ කුසින් බිහි වෙන්න ඉන්න දරුවන්ව ඉපදෙන්න කලින් ඉපදීමේ හිමිකම නැති කරනවාට වඩා, ඉපුදණු දරුවන් බල්ලන් බළලුන් වගේ කැලේට විසි කරණවාට වඩා, ඒ දරැවන්ගෙ ජීවිතේ උදුරගන්නවට වඩා , තමන්ගෙ නොහැකියාව දරාගෙන දරැවන්ට ආදරේ කරන කෙනෙක්ට හදාවඩා ගන්න දෙන එක උතුම් දෙයක්. සමහර විට ලෝකයා කියාවි ඒ අම්මලා , තාත්තලා දරුවන් විකුණන් කෑව කියලත්, ජීවීතේ විඳින්න පුළුවන් උපරිම අපහාසයත් ඒ අම්මලා විඳීවි. නමුත් ඒ දරුවන්ට දීපු ජීවිතය උදුරා නොගැනීමේ සතුට ඉතිරි වේවි. 

ඒ එක්කම මේ කතාවට අතුරු කතාවක් එකතු කරන්නත් ඕනේ. අපි දන්නවා තමන්ගෙ දරුවව හදාගන්න බැරිකම නිසාම ඒ දරුව තමන්ගෙ රටේම හරි වෙනත් රටක හරි යුවලකට හදාගන්න දෙන්නෙ උසාවි මාර්ගයෙන්. නීත්‍යානුකූලව මේ කටයුතු සිද්ධ වුණත් හුඟක් අම්මල තමන්ගෙ අනන්‍යතාවය සඟවනවා. නැවත තමන් සමාජයේ ජීවත් වෙන්න අවශ්‍ය නිසා. ඒ සිදුවීමෙන් කාලෙකට පස්සෙ ඔවුන් නැවත විවාහ වෙන්න පුළුවන් දරුමල්ලො ලැබෙන්න පුළුවන්, ඒ වගේ වෙලාවක නොහිතූ නොපැතූ මොහොතක මේ දරුවන්ගේ ආගමනය සිදු වුණොත් ඔවුනගේ ජීවිත උඩියටිකුරු වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. වසර කිපයකට කලින් වයඹ ප්‍රදේශයේ එහෙම සිදුවීමක් වාර්තා වී තිබුණා.

වයස 16දී නොදැනුවත්කම නිසා මවක් වූ තරුණියක්, තම දියණිය විදේශිය යුවලකට හදාවඩා ගැනීමට දී තිබුණා. මේ සිදුවීම නිසා ම ගම රටත් අතැර වෙනත් පළාතක පදිංචියට ගිය ඇය එයින් අවුරුදු 18කට පසු සිය මවුපියන්ගේ ඉල්ලීමට විවාහවීමට සූදානමින් සිටිය දී සංචාරක මඟපෙන්වන්නෙක් පැමිණ ඇගේ දියණිය ඇය සොයන බව දන්වා සිටියා. මේ සිදුවීම සිදුවූ අාකාරයට අනුව දෙවන වරටත් ඇයට ඇගේ ජීවිතයේ මහා ඛේදවාචකයක් අත් විඳින්න සිදුවුණා.

ඉතින් ඔබටත් සමහර වි‍ට අවස්ථාවක් ලැබේවි මවකට දියණිකට උදවු උපකාර කරන්න. හැබැයි මතක තබාගත යුතුයි ඔබ, රැකිය යුතු බව ඔවුනගේ අනන්‍යතාවය, ඔවුනගේ ජීවිතය, මන්ද ජීවිතයක් ඇතිකිරීමේත් නැතිකිරිමේත් හැකියාව පෞද්ගලිකත්වය රැකගැනීම කියන කාරණය තුළ ගැබ්ව පවතින බව ඔබටත් මටත් ඇයටත් කාටත් පොදු නිසා.