Thursday, 30 October 2008

හුදකලාව


පුංචිම කාලේ ඉදල
මම හුදකලාවට කැමතියි
ඒ කවුරුත් මට කරදර කරනවට
මම කැමති නැති හින්ද

හුදකලාව කොච්චර නම් ලස්සනද...................
දේදුන්න වගේ,
ඇදිල මැකිල යනව
මීදුම වාගේ ගලාගෙන ඇවිත්,
නොපෙනී යනව

හුදකලාවෙ ඉන්න
මල් පොහොට්ටුත් එක්ක කතා කරන්න
පිපෙන්න ලංවෙච්ච
බෝවිටියා මල් දිහා බලන් ඉන්න
මම හුගක් ආසයි
ඒ එයාල මගේ කතාවඅහගෙන ඉන්න හන්ද

දිය හවරිය පදුරුත් එක්ක සෙල්ලම්කරන පුංචි මාළු පැටවු
මගෙත් එක්කඒ හිනාවෙන්නෙ,
සෙල්ලම්කරන්න එන්න කියල.

පංති කාමරේ කෙටි බිත්තියෙන්
පිටිටනියට උඩින් පේන
නිල් අහස දිහා මම බලන් ඉන්නෙ,
කාටවත්ම මාව නොපෙනෙන හන්ද
වලාකුළු මගෙ කදුළු උරා ගන්න හින්ද

අදුරෙ ඉදගෙන රැඑළිය කරන
තරු දිහා මම බලාගෙන ඉන්නෙ
කාටවත්ම මගේ ඇස්,
ඇස නොගැටෙන හින්ද

ළගට වඩා දුර යාළු කමට මම කැමති
අනිත් අයට මාව දැනෙන්න පුළුවන් හින්ද
පුංචිම පුංචි දේටත් මගේ හිත රිදෙන්නෙ,
ආදරේ බලාපොරොත්තුවෙන හින්ද.
හැම තිස්සෙම හිනා වෙන්නෙ
අඩන්න බැරි හින්ද
කාෂ්ඨක පොළවට වැටුන
එකම එක වැහි බින්දුවකටත්,
ජීවිතයක් තියෙනව කියල
අනිත් අයට දැනෙනව නම්........

ගැබිබර වෙච්ච මන්දාරම උසුල ගන්න
හුළගෙ පාවෙනවළාකුළු වලට පුළුවන් නම්
ඇයි ......................
එක වැහි බිදුවක් දරාගන්න
මේ වැහි ලිහිනිට බැරි!!!

3 comments:

buru said...
This comment has been removed by the author.
දසුන් සමීර said...

ලිහිණි අක්කේ. පොඩි කාරනාවක් තියනවා කියන්ට. ලොකු දෙයක් නොවේ නමුත් කියන ‍එක හොඳයි කියල හිතුවා. අරවින්දගේ වියමන ලෙස සඳහන්ව ඇති යොමුව යොමුවී ඇත්තේ මගේ බ්ලොග් අඩිවියටයි. පොඩි වැරදිමක් වෙලා විගේ. ;)

Abithi Hulanga said...

හුදෙකලාව තරම් සමීප සොඳුරු දෙයක් තවත්
නැහැ දුකේ්දිත් සතුටෙදිත් මටනම්..!!
සමහර විට අපිට අපිව හොයා දෙන්නෙ
එ් හුදෙකලාව හන්දම වෙන්නැති..
ආදරෙයි ලිහිණියේ්... ජීවිතය ගැන මතක් කරනවට