Tuesday, 1 February 2011

ජීවිතය අන්තැනක


ජීවිතය අන්තැනකය

එසේවුව ලෙහී විසිරෙයි සිනහව

සඟවා පපුතුර කොනිතිලන

රිදවුම...


නොහැක්කේ මන්ද මට

වසා දමනට

කරදරකාර කරාමය

හැකි සෑම විටකම

කඳුළු වතුරම වගුරන...


පස් මහ බැලූම් නැතිවම

ගුලිකොට දමමි ඉවතට

නූපදින්නයි සිනහව

කඳුඵ ගර්භාෂ ඇතුළත


දන්නා කෙනෙක්

කියා දෙනවද හනිකට

වසාලන්නනේ කෙලෙසද

කඳුළු උතුරා ගලන

ජීවිතේ කරාමය

2 comments:

Il mondo di una povera pazza said...

හ්ම්.. කතා ගොඩාක් කියවෙලා.
අනේ මන්දා මට අනුව නම් මම උඹටත් බනින එක විතරයි වෙන්නේ ඕවාට කියවන්න ගියොත්.
ඒක නෙමෙයි කාලෙකින් දුක හිතිලා උනත් කවියක් ලියපු එක නම් කියා නිම කරන්න බැරි සතුටක් ගෙනාවේ මට.
මට අනුව නම් මොන දේ කොහොම උනත් මට මම ඉන්න ඕනෙ. අපි අපි ගැන නොහිතලා අනිත් අය ගැන හිතන එක තේරුමක් නෑ.අන්තිමට දුක හිතෙන එක විතරයි වෙන්නේ. ඒක හින්දා මම නම් ඔය බොහෝ වෙලාවට අනිත් අය ගැන අවුල් වෙනවාට වඩා කරන්නේ මම එක්ක මම ඉන්න එක. කොටින්ම බ්ලොග් ලියන එකත් මගේනෙ.

hare :-) said...

ඇයි වහන්නේ ඔය කරාම?
ඔන්නොහේ ගලන්න දෙන්න
හි‍ඳෙනකංම
හැබැයි ඔය ගැලිල්ල
අවුලක් නොකරගන්න
විධියක් හිතන්න
ගැලිල්ලට ගලන්න දී...