Tuesday 1 January 2013

2013 සොඳුරු හිමිදිරියක් වේවා!!!


අරුණ කැදවන පළමු රැස් දහරේ උණුහුම විදිමින්, නැගෙන සියොත් සරක දිවමන් මිහිර විදිමට ජීවිතය හිමිදිරියක් වන්නේ නම් කොයිතරම් අපූරුදැයි සිතේ.  2013 වසර එළඹෙන්නේ සමස්ත ලෝක වාසී සිත් තුළ  ලෝක විනාශය පිළිබඳ ඇතිවූ අප්‍රමාණ සැක සංකා අතරිනි. කෙසේ වුව යනෙන මඟ වෙනදාට වඩා සිනහ මල් පිපෙනු ඇති, අචාරශීලීත්වයෙන් පිරිපුන් බොහෝ ජනී ජනයා අතරින් පිය නඟන ඔබට, යනෙන මාවත සැඟවෙන, සිනහවෙන්නට වෙරදරන  සිනාහවක් නැති  මුවකට සිනහවක් කැදවාගෙන ඒමේ භාග්‍යය උදාවේවායි ඉත සිතින් පතමි! 

4 comments:

samakayawate said...

සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

රූ said...

සුබ වුත් නැවුම් වුත් නව වසරක් වේවා:)
අදමයි ආවේ

මාතලන් said...

සියළුම පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා ....!!!

කතන්දර Kathandara said...

දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!