Wednesday, 29 October 2008

විශ්වාසය



මම සාමාන්‍යයෙන් මට හිතෙන දේ බොහොම විවෘතව කියන කෙනෙක්, ඒක ඔබට කියල විශෙෂ නැහැ, හැබැයි මම හිතනව ඒ කියන දේ තුළ මම අදහන ජීවිතය තියෙනව කියල, කෙනෙක්ගෙ හොදක් හරි නරකක් හරි ඒ අදාල පුද්ගලයටම කියන්න කියල මට කියල දුන්නෙ මිතුරියක්, ඒ වාගේම ඇය මට කියල දුන්න සැක ඇතිව ජීවත්වෙන්න එපා කියල. ඇය මට කියල දුන්න. කිසියම් දෙයක් ගැන, කෙනෙක් ගැන සැකයක් අවිශ්වාසයක් තියෙනව නම් එතන නිවැරදී, පැහැදිලි සමිබන්ධයක් ගොඩනැගෙන්නේ නැහැ කියල, හැම තිස්සෙම සැකය ඉස්සරහට එනව කියල, වඩා වැදගත් වෙන්නෙ විශ්වාසනීයව ජීවත්වීම කියල මගේ මිතුරිය මට වටහල දුන්න.

අපි වැඩ කරද්දි සමහර අවස්ථාවලදි තව කෙනෙකුගේ හිත රිදෙන්න පුවන්, එයා මොන විදිහට ඒක බාර ගනීවිද දන්නෙ නෑ වගේ හිතිවිලි හිතට වද නොදෙනවාමත් නොවෙයි. ඒ වුනත් අපි හැමදාම කරන්නේ අනෙක් අයගේ හිත් සතුටු කරන්න අපව රවටා ගැමක් නම්, එහෙම නැත්නම් අනිත් අය ගැන හිතල අපි වේදනාවිදිනව නම් ඒකට විසදුමක් තියෙන්න ඕනි. මම කරන්නෙත් එක්තරා විදිහක මානසික විරේකයක්. මේ හැඟීම් හිතේ හිර කරගෙන දුක් විදින්නෙ නැතිව එළියට මුදාහරිනව. හරියට තටුවෙන් ලිහිනු පිහාටුවක් වගේ, මම මගේ හිතිවිලි වලට නිදහස් සුළගෙ පාවෙලා යන්න ඉඩදෙනව. ඒවා කොහේ කොහේ හරි පාවෙලා යාවී. කාගේ හරි අත්ලක මොහොතකට රැදේවි, වැස්ට තෙමේවි, අවිවට වේලේවි, තටු නැතිවට සැහැල්ලූවෙන් පියඹාවි. ඒ තමයි විශ්වාසවන්ත වීමේ සැහැල්ලූව.

අපි සමාජයට, අපට පවුලට විවෘත නම් අපේ හදවත් ඒ වාගේ සැහැල්ලූයි, මොකද සඟවන්න දෙයක් අපේ ජීවිතවල නැති හින්ද, අපේ සමිබන්ධකම් ව්වෘත වුණාම හිත්වල කහට බැදෙන්නෙ නෑ, මොකද හැමදේම කෙලින් කතා කරල විසද ගන්න අපිට හැකියාව තියෙන නිසා. අපේ අඩුපාඩු හොද නරක අපි දන්නව නම් අපට හිතන්න පුළුවන්.

මට මා ගැන විස්වාසයක් තියෙනකොට මම කරන වැඩගැනත් මට ඉබේම විස්වාසයක් ගොඩනැගෙනව. මම විස්වාසැති සගයෙක් කියල. ඒ විස්වාසය නිසාම අපි කරන සියලු දේ ගැන අපි අවට තියෙන දේ ගැන අපි විශ්වාස කරනව. ඔබ මොකද ඒ ගැන හිතන්නෙ, ඔබට ඔබ විස්වාසනීයද? ඔබේ සමීපතමයින් අතර, පවුලේ සාමාජිකයන් අතර, කාර්යාලය තුළ, ඔබ විස්වාසැති සගයෙක් කියල,

ලිහිණි

3 comments:

buru said...

me liyum osse api yamak igena ganimin innava sanji. digatama liyanna...

Haresh said...

තමන් ගැන විශ්වාසය තියෙනවනම්. තමන් විශ්වාස කරන දේ අනුව තමන් හරියට වැඩ කරනව නම් ආයෙ දෙකක් නෑ.

සරත් ගුණතුංග said...

අපගේ වාග් ප්‍රහාරය ඉතාම බලවත්. අපේ මනස, සිත, සංචේතනා, යනාදී ස්කන්දයන් සැප, දුක් හෝ ඒ දෙකටම නැති වූ දෙයක් විය හැකියි. අපේ වචන පාවිච්චි කරන අන්දමට අපිට කෙනෙක් සංතෝස හෝ ශෝක කරවිය හැක. මෙය ශාරීරික දුකකට වඩා බලවත්ය. සත්‍යය ප්‍රකාශ කල යුතුමයි. නමුත් එය ප්‍රකාශ කල යුත්තේ සවන් දෙන කෙනාගේ සිතට නොරිදෙන අන්දමටයි. සිතක් රිදවුවොත් ඔබ තවත් ප්‍රශ්න හදා ගන්නව. එය එපමණ හොඳ දෙයක් නොවෙයි. ඕනෑම දෙයක් කෙලින් කීමේ වරදක් නැහැ, නමුත් හොඳින් කියන්න ඕන. මොනවා හරි කියන්න ඉස්සර වෙලා දෙවරක් සිතා බලන්න - ඔබ කියන දෙය කාටහරි රිදෙන දෙයක්ද කියල ( මහාරාහුලෝවාද සූත්‍රය. මජ්ජිම නිකාය 62). නැත්නම් නිරතුරුවම මතු වන්නේ, කල්ප ගනන් අපට පුරුදු අපගේම "මම" යන හැඟීමෙන් පැසවෙන ආඩ්ම්බරයයි. මෙයින් කෙනෙකුට රිදවීම ඉතාම පහසුය. එයින් ඔබ තවත් සතුරෙක් ඇති කර ගන්නේ නිරායාසයෙන්මය. ඔබට බුදු සරණයි