Monday, 27 October 2008

හිනාව



හුඟ දවසකින් කාටවත්ම ලියුමක් ලියන්න බැරිවුණා. ආස්රය කරන හුග දෙනෙක් ළග වගේම හුගක් අයගෙ ගෙවල්වලත් දැන් දැන් දුරකථතන තියෙනවනෙ. කියන්න තියෙන දෙයක් කතා කරලම කියන්න පුළුවන්කම තියෙද්දි මොකටද තවත් ලියුම් ලියන්නෙ කියල ඔබට හිතෙන්න පුළුවන්, ඒ වුනත් ලියුමකින් කියන්න පුළුවන් දේවල් දුරකථනයෙන් නම් කො හොමවත් කියන්න බැහැ. ඒ නිසාම මට හිතුන මට කියන්න තියෙන දේවල් හැමෝටම කියවන්න ලියුමක් ලියන්න ඕනි කියල.

කොළඹ හතේ හරියටම කියනව නම් රීඩි ඇවිනිවි එකේ හෙවනට වැවුනු මාරගස්ගොන්න ගාවදි පාර අතුගාන අම්ම කෙනෙක් එක්ක පත්තරකාරියක් කතා කරල තිබුන. 87 අවුරුද්දෙ. දිනය හරියට කියන්න බැරිවුනත් ඒ කතාව මාර්තු 8 වෙනිද ඒ කියන්නෙ ජාත්‍යන්තර කාන්තා දිනේ දවසෙ කාන්තා පත්තරේක පලවෙලා තිබුන. ඇය කියල තිබුණ ජීවිතයෙ සියළු දුක්ක දෝමනස්ස උහුල ගන්න පුළුවන් හිනාවක් නැති මූණු දකින එක තමයි දරා ගන්න බැරි වේදනාව කියල.

ඇය සමාජයෙන් බලාපොරෝත්තුවෙන්නෙ හිනාවක්, මනුස්සකමක්, පිළිගැනීමක්, ඇත්ත මම පිළිගන්නව එදාට වඩා අද සමාජෙ සංකීර්ණයි. එළියට බැස්සහම ආයෙ ගෙදරට එනකම් ජීවිතේ වුනත් විශ්වාස නැහැ. ඔළුවෙත් ප‍්‍රශ්න. ජීවත්වෙන්නෙ කොහොමද? රස්සාවෙ තත්වෙ කොහොමද වාගෙ දාහක් ප‍්‍රශ්න. ඒ වුනත් මට හිතෙන්නෙ අනිත් අය එක්ක හිනාවෙන්න ඒක ප‍්‍රශ්නයක් නොවෙයි.

අර මම මුලින් කියපු පත්තර කෑල්ල කියවද්දි මගේ වයස අවුරුදු දොළහක් විතර ඇති. ඒ සිදුවීම මාව වෙනස් කරා. මූණට මුණ ගැහෙන දැස් එක්ක හිනාවන් හුවමාරු කරගන්න මම පුරුදු වුනා. මොකද ඒ අම්ම කියපු කතාව මටත් අදාල වුණු හින්ද. කා එක්ක වත් අමනාපයක් නැති වුවත් පොළවට ඔරවන එක මම නතර කරා. බස් එකේදි, බස් නැවතුමේදී, පාර මාරුවෙද්දි, මම යන එන හැමතැනකම අදත් මගේ හිනාවට මට පිළිතුරු හිනාවක් ලැබෙනව.

ඒත් සමහර වෙලාවට කෙනෙක් දෙන්නෙක් අහනව හිනාවෙන්නෙ අදනනවද? කියල. මම උත්තර දෙනව. ඔව් මනුස්සයෙක්නෙ කියල. ඒත් මම අද ඔබෙන් අහනව හිනාවෙන්න අදුනන්නම ඕනිද?
ලිහිණි

3 comments:

nidhahasa said...

කතාව නම් ඇත්ත. සමාජ අර්බුධ වලින් මහන්සි වුනු මිනිස්සුන්ගෙ මූණු වල හිනාවක් දකින්න ඇත්තෙම නෑ

malee_msg said...

මගේ යාළුවත් මගෙන් ඔය ප්‍රශ්නේ සිය සැරයක් විතර අහලා ඇති ....
"අර ගියේ අදුරන එක්කෙනෙක්ද???"
"නෑ ඇයි"
"එහෙනම් හිනා උනේ"



"මොකද බං පාර අතුගාන උන් එක්කත් හිනා වෙන්නේ"
"මට පිස්සුනේ බං ඒකයි"


නිකම්ම මූණට එන හිනාවත් ‍අපේ අයට මහා ගැටළුවක් තමයි! ශික්!

අමල් ඉෂාන්ත said...

මගෙන් ඇහුවොත් මන් කියන්නේ අඳුනන්නේ නෑ අඳුන ගන්න තමා හිනා වුනේ කියලා