![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgN18IA4mx39ffJ3CggxXUfzPklgzjBqUfLRwq9wwxCKwFp3aM2oUDDaeJiDY39fgIGA83XLGK0WgnXRKOHkbJvdwz359g1yn5nh0-URvJzY_gNPd1wH0zOlYoYFtboqH_0sLRmEaxxcfI/s400/sheya.jpg)
බදාගැනීමයි, බෙදා ගැනීමයි ගැන ලියද්දි චන්දන ගැන කියන්න ඕනි. මොකද මමත් දන්න වොලිබෝල්ව බදා ගත්තටත් මාත් එක්ක බෙදා ගත්තටත්.
වොලිබෝල්ගෙ නම විපුල.පාසලේ විභාගෙට ඉංග‍්‍රීසි ප‍්‍රශ්න පත්තරේ නම ලියන්න දැනගෙන හිටියේ නෑ ඉංග‍්‍රීසියෙන්, කොළටික පෙරලල බැලූව. තැනක (වී) අකුරෙන් පටන් ගන්න නමක් තිබුණ. නම ලියන්න ඕනි තැන ඒක බලාගෙන නම ලිව්ව. ටීචර් අහනව කවුද වොලිබෝල් කියල. විපුලත් අහනව කවුද වොලිබොල් කියල? ඔන්න ඔහොමයි වොලිබෝලි බිහිවෙන්නෙ.
කට්ටි පැනල ගෙවල්වල බැල මෙහෙ කරල, අන්තිමට බිල්ඩින් සයිටි එකකදි චන්දනට හමුවෙන වොලිබෝල් අකුරු ඉගෙන ගන්නව. අනිත් අය කියවන පොත් කියවන්න. ඩබල් රූල් පොතේ අන්තිම පිටුවෙ පකෝරිස් කියල ලියල අහුවෙන දවසෙ චන්දන විපුලට කියනව දැන් උඹ අකුරු ඉගෙන ගත්ත ඇති කියල. අම්ම බලන්න ගෙදර ගිහින් වොලිබෝල් වහ බොන්නෙ පුංචිම කාලෙ අම්ම විකිණුව කියන නංගිගෙ තොරතුර දැන ගන්න බැරිව. තමන් වගේම බිහිවෙචිච සහොදරී ගැන රට්ටු කියන කතා දරා ගන්න බැරිව නොවෙයි, ඒ සහෝදරීව හොයාගන්න බැරි වේදනාවටයි වහබොන්නෙ. නැවතුම එතන නොවෙයි තියෙන්නෙ ආරංචිය නංගි ප‍්‍රංසෙ ඉන්නව කියල. අලියොන්ස් එකට යන විපුල ප‍්‍රංස ඉගෙන ගන්නව. මේ වෙනකොට වෙද්‍ය ශිෂ්‍යාවක් වන ඒ සහෝදරී වොලිබොල් බදාගන්න ලංකාවටත් ඇවිත් ගිහිල්ල ඉවරයි
මුලදි හුගක් අයට වොලිබෝල් එක්ක බෙදා ගත්ත දේවල් තිබුණ. උඹ අවජාතකය, උඹේ අම්ම බඩට ආපු දරුව විකුණන් කාපූ එකී. උඹල කැලේ කොලේට හැදුනු එවුන්,.......මේ වගේ තව හුගක් දේවල්. ඊට කාලෙකට පස්සෙ චන්දනටත් ඔහුගේ මිතුරන්ටත් චන්දනව බදාගන්න ඔනි වුණා. ඒ තමන් ගේ කඩේ වෙළදාමට හවුල් වෙන්න ආව අත්උදව් කාරයෙක් විදිහට නෙවෙයි තවත් මනුස්සයෙක් විදිහට. තමන්ගෙ බාල සහෝදරයා විදිහට, ඇස් දෙක පාදගන්න ඕනි වෙනව. ලෝකය දකින්න. ඒ සතුට දුරට වෙලා හදවතින්ම විදින්නත් චන්දනට පුලුවන් වෙලා තියෙනව.දැනෙනවද බදා ගැණිමෙයි. බෙදා ගැනීමෙයි වෙනස.
No comments:
Post a Comment