Sunday 19 October 2008

අපි

ජීවිතේ පුරාම
ආදරයම හොයන
ආදරයම විතරක් පතන අපිත්
හරියට මුහුදු රැල්ල ව‍ගේ
වෙරළට හාද්දක් දීල දුර ඈතට යනව...
හමුවීමේ සතුටට
වෙරළ බදා ගන්න රළ ව‍ගේ
අපිත් ආදරේ බදා ගන්නවා.


වෙරළ ඉම බිදිල යන
පෙණ කැටි වගේ
ජීවිතේ බිදිල යද්දි
පිපෙණ සුදු පෙණ බිදු වගේ
ලෝ‍කෙට පේන්න හිනාවෙනව
හයියෙන් විලාප දීල අඩන රළ
වෙරළ ඉම දි සන්සුන් වෙනව වගේ
මේ ඔබත් මාත් නොවේද ?

3 comments:

Anonymous said...

ඔබේ බ්ලොග් අඩවිය අද තමයි දැක්කෙ. දිගටම ලියන්න සුබ පැතුම්.

Bo said...

බ්ලොග් පිටුව දැක්කෙ අදයි. සුභ පැතුම් ලිහිණි අක්කා, දිගටම ලියන්න. " වියරු මහ පොළව මත සුදම් වැහි වහින්නට අපි පුරන පෙරුම් දම් ඇතිවෙයිද කිසිදාක "

jayantha colombage said...

මුලින්ම දුටු නිසාද මංදා..
බ්ලොග් අඩවිය නැවුම් සුවදක් ගෙනෙන
මල් කිනිත්තක් වගෙයි.
මගේ ආශිංසනය...
සැමදා මල් පිපේවා.